Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රිකට් සභාව අද (10 වැනිදා) නිවේදනයක් කළේය. ඒ අනුව ධනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගන්නා තෙක් ඔහුට අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමටද අන්තර් ජාතින ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර ඒ අනුව ඔහු ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවරදී නොවැම්බර් 23 වැනිදා පරික්ෂණයකට පෙනී සිටියේය.
පන්දු යැවීමේදී ධනංජයගේ අත වැළමිටෙන් අංශක 15 කට වඩා නැමෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිඵල සනාථ කර තිබේ. ඒ අනුව ඔහු සිය ඉරියව්ව නිවැරදි කරගෙන නැවත වරක් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු අතර එතෙක් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය මත දේශීය තරග සඳහා පමණක් සහභාගි විය හැකිය.
මේ වසරේ (2018) පෙබරවාරි මස බංග්ලාදේශයේ ඩකා නුවරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ධනංජය මේ වන විට ටෙස්ට් තරග 5 කදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 27 කි. ඊට කඩුලු 4 බැගින් දවාගත් අවස්ථා 3 ක්ද ඇතුළත් වේ. එක්දින තරග 30 කදී කඩුලු 46 ක් සහ විස්සයි20 තරග 16 කදී කඩුලු 14 ක් බිඳහෙළීමටද ධනංජය සමත්ව සිටියි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.