Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අජාස් පතෙල් කඩුල්ල පැනගනී

අජාස් පතෙල් කඩුල්ල පැනගනී

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක් දවාගනිමින් තරගයේ ජයත් තරගාවලියේ ජයත් නවසීලන්ත පිලට අත්කර දුන් ක්‍රීඩකයා විලියම් සමර්විල්ය. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා වන නවසීලන්ත සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට විලියම් සමර්විල් අපොහොසත් වී තිබේ. වමතින් දඟ පන්දු යවන්නකු වන අජාස් පතෙල් ලබන සෙනසුරාදා (15 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා වන ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත සංචිතයේ සිටින එකම දඟ පන්දු යවන්නා වෙයි.

පාකිස්තානය සමගින් පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් අජාස් පටෙල් සහ පාදඟ පන්දු යවන ඉෂ් සෝදි අතර ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීම තරගයක් තිබිණ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික වශයෙන් වේගපන්දු යවන්නන්ට යෝග්‍ය වෙලින්ටන්හි බේසින් රිසව් ක්‍රීඩාංගණයේ තණතීරුව යෝග්‍යම දඟ පන්දු යවන්නා ලෙස අජාස් පටෙල් තෝරාගනු ලැබ ඇත.

30 හැවිරිදි අජාස් පටෙල් පාකිස්තානය එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 123 කට කඩුලු 7 ක් දවාගනිමින් නවසීලන්තයට ලකුණු 4 ක තියුණු ජයක් ලබාදීමට සමත්විය. අවසන් වරට පැවැති දේශීය තරගාවලි 3 කදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමෙන් අනතුරුව උපමහද්වීපයේ අභියෝගය බාරදෙමින් අජාස් පටෙල් නවසීලන්ත කණ්ඩායමට කැඳවීය. ටෙස්ට් තරග 3 ම ක්‍රීඩාකළ පටෙල් මංගල ටෙස්ට් තරගට එක්වූ විලියම් සමර්විල් සමගින් එක්ව අවසන් ටෙස්ට් තරගය ජයගනිමින් ටෙස්ට් තරගාවලිදය ජය ගැනීමට සමත්විය.

“එක්සත් අරාබී එමීර් රාජ්‍ය තරගාවලියේදී අජාස් ඔහුට ලබාදුන් අවස්ථාව දෝතින්ම බදාගත් අතර නවසීලන්තයේ තත්වයන් යටතේත් ඔහුගේ දක්ෂතාවයන් ඔප්පුකර හමාරයි යැයි” තේරීම් කමිටු නිලධාරී ගැවින් ලාසන් මහතා පැවසීය. අබුඩාබිහී පැවැති මංගල තරගයේදී සමර්විල් ජයග්‍රහණය නියමුවා වුවත් අපි හැමෝම දන්නවා ගුණාත්මක දඟපන්දු යවන්නෙකුට පුලුවන් වෙන්න ඕන තමන්ගේ ස්ථානය සඳහා තරගයක් දෙන්න” යයිද ලාසන් මහතා වැඩිදුරටත් පැවසීය.


පළමු ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීත් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකොල්ස්, බී.ජේ. වොට්ලිං, කොලින් ඩි‘ග්‍රැන්ඩෝම්, ටිම් සවුතී, නිල් වැග්නර්, අජාස් පතෙල්, ටේ‍රන්ට් බෝල්ට්, මැතිව් හෙන්රි සහ විල් යංග්.

 


අදහස් (0)

අජාස් පතෙල් කඩුල්ල පැනගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.