Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ, රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී මේ මස 21 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා පැවැත්වේ.
සිවුදින තරගාවලියේදී සහ එක්දින තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදීද කොළඹ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් හතර අතර තරග පැවැත්වේ. ජාතික කණ්ඩායම නියොජ්නය කරන ක්‍රීඩකයන්, පළමු පෙළ ක්‍රීඩකයන් සහ වයස 19 න් පහළ නැඟී එන ක්‍රීඩකයන්ගෙන් එම කණ්ඩායම් හතර සමන්විත වේ.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් තරග 6 කට බැගින් ක්‍රීඩා කරන අතර එහිදී සෑම කණ්ඩායමකටම දිවා තරග 3 කට සහ දිවා-රාත්‍රී තරග 3 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවේ.
මූලික වටය අවසානයේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර අවසන් මහ තරගය සැප්තැම්බර් මස 2 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.