Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මේ මස 30 වැනිදා සිට ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වේ. කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයයි.
මෙම තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර මහනුවර කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවී ඇත. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උප නායක සුරංග ලක්මාල් ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරති.
තරගාවලියට සහභාගිවන සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමගින් එක් තරගයකට බැගින් සහභාගි වන අතර ඉන් එක් තරගයක් දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. ඒ අනුව ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර දඹුල්ලේදී පැවැත්වෙන තරගයත්, මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර හම්බන්තොටදී පැවැත්වෙන තරගයත් රෝස පැහැති පන්දුව උපයෝගී කරගනිමින් දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
තරග කාලසටහන
■ මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා - දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී
■ මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා - කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා - ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)
■ අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා - මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)
■ අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා - දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා - ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
කොළඹ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කෞෂාල් සිල්වා, ශෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් අබේරත්න, එල්.යූ. ඉහළගමගේ, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කේ. අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක මහතා (කළමණාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)
මහනුවර කණ්ඩායම
ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ළහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, මලින්ද වර්ණපුර මහතා (කළමණාකරු), පියල් විජේතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු)
දඹුල්ල කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, කේ.ටී.එච්. රත්නායක, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුෂංක, හිමේෂ් රාමනායක, රෂ්මික දිල්ෂාන්, නිෂාන් මධුෂ්ක, විනෝදන් ජෝන් මහතා (කළමණාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)
ගාල්ල කණ්ඩායම
සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, එස්. අශාන්, ඔසද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, පී.සී. ද සිල්වා, ජේ. ලියනගේ, ලක්ෂිත මධුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඞ් දිල්ෂාඞ්, උපුල් තරංග, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අෂේන් බණ්ඩාර, වරුණ වරාගොඩ මහතා (කළමණාකරු), හෂාන් තිලකරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.