Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දැනට විසුරුවා හැර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජිතයාට අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අසුන්ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අවසර දී තිබේ. එහෙත් ඒ නිරීක්‍ෂකයකු වශයෙන් පමණි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 75 වැනි වාර්ෂික රැස්වීම පසුගිය සති අන්තයේදී ඩබ්ලින්හිදී පැවැත්විණ.
ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට මෙම අවසරය ලැබී ඇත්තේ මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතය. එම කාලය තුළ නිලවරණය නොපැවැත්වුණහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේදී ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සිදුවන බවද අන්ත්ජාතික ක්‍රිකට් සභාව ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතයාට දන්වා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මේ වන විට මෙහෙයවනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා විසිනි. ක්‍රිකට් ආයතනය විසුරුවා හළ ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ජූනි මස 1 වැනිදා සිට එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා ‘නිසි බලධාරියා වශයෙන්’ කමල් පද්මසිරි මහතා පත්කළේය.
මැයි මස 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අභියාචනාධිකරණයේ නියෝගයක් මත අත්හිටුවන ලද නමුත් පසුගිය 14 වැනිදා සිට එම වාරණ නියෝගය ඉවත් කරන ලදි. ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ ජූලි මස 31 වැනිදාට පෙර ක්‍රිකට් නිලවරණය පවත්වන බවයි. එහෙත් වාර්තාවන අලුත්ම තොරතුරු අනුව දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සංචාරය අවසන් වන තුරු ක්‍රිකට් නිලවරණය නොපැවැත්වෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.