Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අපට ලැබෙන මුදල් ප්‍රමාද වේවි - තිලංග

අපට ලැබෙන මුදල් ප්‍රමාද වේවි - තිලංග

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව සම්මත කළ හැක්කේ මහ සභා රැස්වීමකින් පමණක් වන බැවින් වාර්ෂික මහ සභා රැස්වීමකදී විගණන වාර්තාව සම්මත කරගත නොහැකි වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට එවීමට නියමිත මුදල් නතර විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (31 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවට පසුව ලංකාදීප කළ විමසුමකදී සුමතිපාල මහතා එසේ පැවසීය. 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව විගණනය කරන ලද අයවැය වාර්තාවක් සම්මත කළ හැක්කේ වාර්ෂික මහ සභා රැස්වීමකදී පමණයි. ඒත් මේ යන විදිහට ජූනි මාසයේ 30 වැනිදාට ඉස්සරවෙලා අපට අයවැය වාර්තාව සම්මත කරගන්න බෑ....එහෙම වුණොත් අපට සම්මත මූල්‍ය වාර්තාවක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට යවන්න බෑ.”

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව අපට මුදල් ගෙවන්නේ සම්මත වාර්තාවක් යැව්වොත් විතරයි. ඒ නිසා වාර්ෂික මහ සභා රැස්වීම නියමිත කාලය ඇතුළතදී තියාගන්න බැරි වුණොත් අපට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලැබෙන මුදල් නියමිත කාලය ඇතුළතදී නොලැබී යනවා” යයිද සුමතිපාල මහතා පැහැදිළි කළේය. 

අභියාචනාධිකරණය විසින් දෙනලද වාරණ නියෝගයක් හේතුවෙන් අද (31 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ මහසභා රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

“ඊයේ රාත්‍රීයේ විශේෂ රැස්වීමක් කැඳවමින් අභියාචනාධිකරණය මගින් දුන් තීණ්දුව මත අපගෙන් සිදුවූ අඩුපාඩුව හදාගනිමින් නිලවරණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අපි තීරණය කළා. එම තීරණයට අනුව අපි ඊයේ රාත්‍රියේම ඇමතිතුමාව ලිඛිතව දැනුවත් කළා යැයි සභාපතිවරයා පැවසීය.

“ව්‍යවස්ථානුකූලව අද දවස අවසන් වනතුරු පමණයි අපට මේ තනතුරු වල රැඳී සිටින්න පුළුවන්. අපි හැමවිටම උත්සහ කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය ස්ථාවරව පවත්වාගෙන යන්නයි” 

“අපිට නෛිතිකව අදින් පසුව මේ වගකීම ඉෂ්ඨ කිරීමට ක්‍රීඩා ඇමතිවරයාගේ අවසරයක් අවශ්‍යයි. එතුමා ගන්නා ඕනෑම තීරණයත් උඩ නැවත ක්‍රිකට් පාලක මණ්ඩලය ස්ථාවර භාවය රකින්න චන්දයෙන් තෝරා පත්වුණු කණ්ඩායමක් පවත්වාගෙන යෑම අපගේ වගකීමයි” යයි තිලංග සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

අපට ලැබෙන මුදල් ප්‍රමාද වේවි - තිලංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.