Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දඟ පන්දු යැවීමෙන් මුත්තයියා මුරලිදරන් පිතිකරුවන්ට කළ බලපෑම අති මහත්ය. ටෙස්ට් මෙන්ම එක්දින තරග වලදීත් ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා ඔහුය. එහෙත් මුත්තයියා මුරලිදරන් කියන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පන්දු යැවීම එදාට වඩා අද මහත් අසීරු ව්‍යායාමයක් වී තිබේ. හේතුව විස්සයි-20 ක්‍රිකට් තරග වැඩි වීමයි.
“අපි ක්‍රීඩා කරන කාලයේ පන්දු යැවීම පහසුයි. ඒත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනයත් සමඟ පන්දු යැවිම ඉතා අපහසුයි....අපි එච්චර විස්සයි-20 තරගමාලාවන්ට ක්‍රීඩා කළේ නෑ. ටෙස්ට් තරග වලදී වුණත් පිතිකරුවන් අද කාලේ තරම් හයේ පහරවල් ගැහැව්වේ නෑ” යයි මුරලිදරන් පැවසුවේය.
මුත්තයියා මුරලිදරන් මේ බව කීවේ ඉන්දියාවේ ‘රූපා’ ප්‍රකාශකයන් විසින් සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනකට සම්බන්ධ වෙමිනි. මුරලිදරන් මේ වන විට සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරයි
අද (අප්‍රේල් 17 වැනිදා) 46 වැනි වියට පා තැබූ මුරලිදරන් ටෙස්ට් තරග 133 කදී කඩුලු 800 ක් සහ එක්දින තරග 350 කදී කඩුලු 534 ක් දවාගෙන ඇතත් ඔහු සහභාගි වී ඇත්තේ විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කට පමණි. ඒවායේදී දවාගෙන ඇත්තේ කඩුලු 13 ක් පමණි.
වසර 2008 දී ආරම්භ වූ අයි.පී.එල්.තරගාවලියේ බලපෑමත් සමගම පිතිකරුවන් හයේ පහර කරා යන ප්‍රවණතාව බෙහෙවින් වැඩිවී තිබේ. මෙවර අයි. පී. එල්. තරගාවලියේ මේ දක්වා අවසන් වී ඇත්තේ තරග 13 ක් වුවත් එම තරග 13 දී වාර්තා වී ඇති හයේ පහර සංඛ්‍යාව 175 කි. ආසන්න වශයෙන් තරගයකදී හයේ පහර 13 කට වැඩි සංඛ්‍යාවකි.
මේ වන විට වසර 22 ක් ගතවී ඇතත් 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරිම ඔහුගේ තරග දිවියේ හොඳම අවස්ථාව විය.
“මම හිතනවා 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් සංධිස්ථානයක්” යයි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන මුරලිදරන් පැවසීය.
-092
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.