Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනෙන් දින උණුසුම් වන ‘අළු බදුන’ තරගාවලියේ වාතාවරණය තවත් උණුසුම් කරමින් කතා කරන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් තම කණඩායම දැනටමත් පවත්වාගෙන යන ආක‍්‍රමණශීලී කි‍්‍රකට් කි‍්‍රීඩාවේ දිගින් දිගටම නිරත වනු දැකීම තමන්ට අවශ්‍ය යැයි පවසා තිබේ.
දැනට තරඟාවලියේ 1-0 ලෙස ඉදිරියෙන් සිටින්නේ ඕස්ටේ‍්‍රලියාවයි. බි‍්‍රස්බේන්හි පැවැත්වුණු ප‍්‍රථම ටෙස්ට් තරඟයේදී කැපී පෙනෙන කි‍්‍රීඩා විලාශයක් පෙන්වූ ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ජොන්සන්ගේ පන්දු යැවීම් හමුවේ එංගලන්ත කණ්ඩායම අඩපණ වූ අතර ඕස්ටේ‍්‍රලියාව ලකුණු 381 ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට සමත් විය.
තරගය අතරතුරදී කණ්ඩායම් දෙකෙහිම කී‍්‍රඩකයින් තම ප‍්‍රතිවාදීන්ට සරදම් කරමින් කටයුතු කළ ආකාරය දැකගත හැකිවිය. මෙම සිදුවීම් නිසා ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාර්ක්ට දඩ මුදලක් පැනවීමටත් බලධරයින් කටයුතු කර ඇති අතර ඒ ඔහුගේ නොමනා ප‍්‍රකාශයන් කඩුල්ලේ වූ මයික්‍රොෆෝනය ඔස්සේ විනිසුරුවන්ගේ කණ වැකී තිබේ.
අළු බඳුන කුසලානය ජය ගෙන මිස පසුපස නොබලන්නෙමියි යැයි ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම දැඩි ස්ථාවරයක සිටී. පිට පිටම අළු බඳුන තරගාවලි 3 කදී ඕස්ටේ‍්‍රලියානුවන් පරාජය වී තිබීම මීට තවත් හේතුවකි.
තමන්ට ඔස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව පෙර පැවති ජයග‍්‍රහාහී යුගයට ගෙනයාමට අවශ්‍ය යැයි කණ්ඩායමේ පුහුණුකරු ලීමන් ඕස්ටේ‍්‍රලියාවේ නිව්ස් ලිමිටඞ් පුවත් සේවාවට ලිපියක් ලියමින් සඳහන් කර තිබේ.
ලිලී සහ තොම්සන්, චැපල් සොහොයුරන් සහ ස්ටීව් වෝ, මර්ව් හියුස්, රොඞ්නි මාෂ්, ඇලන් බෝඩර් වැන්නවුන්ගෙන් බල ගැන්වුනු එදවස ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ ජයග‍්‍රාහී යුගය හා සමාන ලෙස ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම ඉහළට එසවීමට තමන්ට අවශ්‍ය යැයි ඔහු තම ලිපියේ සටහන් කර තිබේ.
”නීති වලින් සැදුණු රාමුවේ සිටිමින් කී‍්‍රඩා කළත් අප කී‍්‍රඩා කරන්නේ ආක‍්‍රමණශීලී ලෙස තමයි. එම තත්ත්වය එදා සිටම ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ දැකගත හැකි වූ දෙයක්”
” ඕස්ටේ‍්‍රලියා කි‍්‍රකට් කණ්ඩායම කී‍්‍රඩා කරනවා කියන්නේ ඔවුන් සෑම විටම ඉන්නේ සියලූ සීමා මායිම් බිද හෙළන්න බලාගෙන. හරියට අප බි‍්‍රස්බේන් වල කළා වගේ. ඒක තමයි අපගේ අනන්‍යතාවය” යයිද ලීමන් සිය ලිපියේ සටහන් කර තිබේ.
ලීමන් අළු බදුන තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම ආන්දෝලනාත්මක ප‍්‍රකාශ නිකුත් කළ අයෙකි. තරගාවලියට පෙරාතුව පැවැති ගුවන්විදුලි වැඩසටහනකදී එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ස්ටුවර්ට් බෝර්ඞ් එංගලන්තයේ ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගයකට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කිරීමේ සිදුවීමක් මුල් කරගෙන ඔහු පැවසුවේ තම කී‍්‍රඩකයන් ස්ටුවර්ට් බෝර්ඞ් කඳුලූ පිරි දෙනෙතින් යළිත් එංගලන්තය බලා පිටත් කර යවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
වරක් ස්ටුවර්ඞ් බෝර්ඞ් වංචනිකයෙකු යැයි ප‍්‍රකාශ කිරීම නිසා දඩ මුදලකට යටත් වීමටත් ලීමන්ට සිදුවිය. නමුත් එය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටත් ඔහු පසුබට නොවීය.
- 017
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.