Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අම්ලා - මාක්‍රම් - ඩුමිනි ආපසු කැඳවති

අම්ලා - මාක්‍රම් - ඩුමිනි ආපසු කැඳවති

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙක සඳහා ඒඞ්න් මාක්‍රම්, හෂීම් අම්ලා සහ ජේ.පී. ඩුමිනි දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විටත් 3-0 ක් ලෙස ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව සිටියි.

පළමු තරග තුනේදී විවේක ගැන්වීමෙන් අනතුරුව හෂීම් අම්ලා නැවතත් දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවා සිටින අතර ඒඞ්න් මාක්‍රම් යළිත් සංචිතයේ ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ එරට පළමු පෙළ එක්දින තරගාවලියේ පිට පිට තරග තුනකදී ලකුණු 85 ක්, 139 ක් සහ 169 ක් රැස්කරමිනි.

ඉකුත් වසරේ (2018) ඔක්තෝබර් මාසයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි මේ වන විට යළිත් සිය සුපුරුදු රිද්මයට පැමිණ සිටියි. මේ දින වලදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු පළමු පෙළ එක්දින තරගාවලියේදී කේප් කෝබ්‍රාස් කණ්ඩායම නියෝජනය කරමින් අර්ධ ශතක 2 ක් ලබාගැනීමටද ඔහු සමත් විය.

තරගාවලියේ පළමු තරග 3 ට සහභාගි වූ රීසා හෙන්ඩි්‍රක්ස් සහ වියාන් මල්ඩර් එහිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඔවුන්ට ඉතිරි තරග දෙකේදී දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ථාන අහිමිවි තිබේ.


සිවුවැනි සහ පස්වැනි තරග සඳහා දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩුප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ක්වින්ටින් ඩි’කොක්, ජේ.පී. ඩුමිනි, ඉම්රාන් තාහීර්, ඒඞ්න් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රෙටෝරියස්, කගිසෝ රබාඩා, තබ්‍රේස් ශම්සි, ඬේල් ස්ටේන් සහ රේසී වැන්ඩර් ඩුසේන්

 

-036

 


අදහස් (0)

අම්ලා - මාක්‍රම් - ඩුමිනි ආපසු කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.