Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි

අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි

ශනුක අරවින්ද - 2019 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි වීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

සිය පියා අසනීප තත්වයකින් පසුවන බැවින් තමාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි තරග දෙකට සහභාගි වීමට නොහැකි බව අම්ලා එරට ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ඒ අනුව පළමු තරග 3 දී මෙන්ම සෙසු තරග දෙකේදීද ඔහුට විවේකයක් ලබා දීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව අම්ලාගේ හිඩැස පිරවීම සඳහා පළමු එක්දින තරග 3 ට ක්‍රීඩා කළ රීසා හෙන්ඩි්‍රක්ස්ට තවදුරටත් දකුණු අප්‍රිකානු සංචිතයේ රැදී සිටීමට අවස්ථාව උදා වී තිබේ. පළමු තරග තුනේදීම අසාර්ථක වූ හෙන්ඩි්‍රක්ස් එහිදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 34 කි. දෙවැනි තරගයේදී ලබාගත් ලකුණු 29 ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර සිවුවැනි එක්දින තරගය පොට් එලිසබෙත්හිදීද, පස්වැනි එක්දින තරගය කේප් ටවුන්හිදීද දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.