Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්ත සහ එංගලන්ත සංචාරයට සහභාගිවන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) එංගලන්තය බලා පිටත්ව ගියද, වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් අමීර් ඔවුන් සමග ගමන් කර නොමැත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මොහොමඞ් අමීර්ට තවමත් වීසා නිකුත් කර නොමැති බව යැයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.
නමුත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසා සිටින්නේ, බදාදා (25) වන විට ඔහුට වීසා ලබා ගත හැකි බවයි. 2010 එංගලන්ත තරග වාරය අතරතුරදී ඔට්ටුකරුවන්ගේ ඉල්ලීමක් මත මොහොමඞ් අමීර් යැවූ නිපන්දුවක් නිසා ඔහුට මාස 6 ක සිර දඩුවමක් සහ වසර 5 ක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළේය.
මොහොමඞ් අමීර් මීට පෙර 2014 වර්ෂයේ පෞද්ගලික හේතුවක් මත බ්‍රිතාන්‍යයට යාමට එරටින් වීසා ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප විය. ඉන් අනතුරුව 2016 වර්ෂයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත පාකිස්තාන කාන්තාවත් විවාහ වීමත් සමගින් එංගලන්තයට යාමට අවස්තාව හිමි විය. 2017 වර්ෂයේ එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලානයේදී නැවතත් දක්ෂතා අතරට පැමිණිම නිසා අමීර් පිළිබදව නැවතත් කතා බහට ලක් විය.
මොහොමඞ් අමීර් මේ වන විට ටෙස්ට් තරග 30 කදී, කඩුලු 95 දවා ගෙන ඇත. පාකිස්තානය 2016 වර්ෂයේ අවසාන වරට එංගලන්ත සංචාරයකට සහභාගි වූ අතර එහිදී ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, සාද් අලී, ෆහීම් අෂ්රාස් සහ උස්මාන් සල්ලහුද්දීන් යන නවකයන් 5 දෙනොටම මෙවර පාකිස්තාන සංචිතයේ ස්ථානයක් ලබා දීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත. එහි විශේෂත්වය වන්නේ ඔවුන් 5 දෙනාම තවමත් ටෙස්ට් වරම් ලබා නොතිබීමයි.
-024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.