Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අයි. පී. එල්. හිමිකරුවෝ ඩිල්ෂාන් - මහේල නොසලකති

අයි. පී. එල්. හිමිකරුවෝ ඩිල්ෂාන් - මහේල නොසලකති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

අයි. පී. එල්. තරගාවලිය ආරම්භයේ සිටම අඛණ්ඩව කී‍්‍රඩා කළ ඉදිරි පෙළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන දෙදෙනාම 2014 අයි. පී. එල්. කී‍්‍රඩක වෙන්දේසියේදී නොසලකා හැරීමට ඉන්දීය ප‍්‍රධානතම වි:20 කි‍්‍රකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවෝ අද (12 වැනිදා) තීරණය කළහ.

වසර 2014 අයි. පී. එල්. තරගාවලිය සඳහා කී‍්‍රඩක වෙන්දේසිය අද (12 වැනිදා) බැංගලෝරයේදී පැවැති අතර එහිදී මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් මිලදී ගැනීම සඳහා කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය. මෙවර අයි. පී. එල්. තරගාවලියේදී කණ්ඩායම් 8 ක් කී‍්‍රඩා කරති.

කෙසේ වෙතත් මෙවර අයි. පී. එල්. තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩක තිසර පෙරේරා ඉන්දීය රුපියල් එක්කෝටි හැට ලක්‍ෂයකට (1,60,00,000) විකිණී ගිය අතර මුත්තයියා මුරලිදරන් ඉන්දීය රුපියල් කෝටියකට වෙන්දේසි විය.
 
මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ලසිත් මාලිංග මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොකෙරුණු අතර කුමාර් සංගක්කාර මෙවර වෙන්දේසියෙන් ඉවත් වීමට කල්තබාම තීරණය කර තිබිණ.

අයි. පී. එල්. තරගාවලිය අවසන් වීමට පොරතුව ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරය ආරම්භවීම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් මිලදී නොගැනීමට හේතුවක් ලෙස ඉදිරිපත් විය හැකි නමුත් සිංගප්පූරුවේදී පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභා ඡුන්ද විමසීමේදී ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ යෝජනාවන්ට පක්‍ෂව ශී‍්‍ර ලංකාව ඡන්දය පාවිච්චි නොකිරීමත් ඊට හේතුවක් විය හැකිය යන්න බැහැර කළ නොහැකි තත්ත්වයකි.

බැංගලෝරයේදී අද පැවැති පළමු වටයේදී වෙන්දේසි නොවූ අන්තර්ජාතික කී‍්‍රඩකයන් අතරේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 13 දෙනෙක් සිටිති. වෙන්දේසියේ දෙවැනි වටය හෙට (13 වැනිදා) පැවැත්වේ.

මෙවර කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මුදලක් ඉදිරිපත් වූයේ ඉන්දීය කී‍්‍රඩකයන් දෙදෙනකු වන යුවරාජ් සිං සහ දිනේෂ් කාර්තික් දෙදෙනාටය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 14 කට (ඇමරිකානු ඩොලර් මිලියන 2.33) යුවරාජ් සිං මිලදී ගන්නා ලද අතර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල විසින් දිනේෂ් කාර්තික්ට ඉදිරිපත් කරන ලද ලංසුව ඉන්දීය රුපියල් කෝටි 12.5 කි (ඇමරිකානු ඩොලර් 2.08 ක්).

සිය අන්තර්ජාතික තරග දිවිය අවාසනාවන්ත ලෙසින් අවසන් කරගත් නමුත් එංගලන්ත පිලේ හිටපු පිතිකරු කෙවින් පීටර්සන් ඉන්දීය රුපියල් කෝටි 9 කට හෙවත් ඩොලර් මිලියන 1.5 කට මිලදී ගැනීමට ඔහුගේ පැරණි කණ්ඩායම වන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් ඉදිරිපත් විය.

මේ අතර විරාට් කෝලි, ලසිත් මාලිංග, කි‍්‍රස් ගේල්, ෂිකාර් ධාවන්, ඬේල් ස්ටෙයින්, ඒ. බී. ඩිවිලියර්ස් වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් මෙවර වෙන්දේසියට ඉදිරිපත් නොකරමින් තම තමන්ගේ කණ්ඩායම් වෙතම රඳවා ගැනීමට කණ්ඩායම් හිමිකරුවෝ තීරණය කළහ.

 

පහත සඳහන් කී‍්‍රඩකයන් පළමු වටයේදී මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නොසිටියහ

මහේල ජයවර්ධන, රොස් ටේලර්, ක්‍රෙග් කීස්වෙටර්, මැතිව් වේඞ්, කුසල් පෙරේරා, ඬේවිඞ් හසී, ඇන්ජලෝ මැතිව්ස්, තිලකරත්න ඩිල්ෂාන්, අජන්ත මෙන්ඩිස්, නේතන් මැකලම්, රොබින් පීටර්සන්, කැමරන් වයිට්, ඩැරන් බ‍්‍රාවෝ, ඇලෙක්ස් හේල්ස්, මාලන් සැමුවෙල්ස්, ඉයන් බෙල්, ටමීම් ඉක්බාල්, මාටින් ගප්ටිල්, ලෙන්ඞ්ල් සිමන්ස්, ටිම් පේන්, කෞෂාල් සිල්වා, ඔන්ඩි‍්‍ර ෆ්ලෙචර්, ඬේන් විලාස්, දිනේෂ් රැුම්දින්, ප‍්‍රසන්න ජයවර්ධන, ලූක් රොන්කි, ඔන්ඩි‍්‍ර රසල්, ඩෑන් කි‍්‍රස්ටියන්, රවී බොපාරා, ලූක් රයිට්, බ්‍රෙට් ලී, සුලෙයිමන් බෙන්, රංගන හේරත්, ඉම්රාන් තහීර්, නේතන් ලයන්, සුරාජ් රන්දිව්, බ‍්‍රැඞ් හොජ්, අඛිල ධනංජය, නීල් මැකෙන්ස්, කි‍්‍රස් ලින්, හර්ෂල් ගිබ්ස්, බෙන් රෝර්, ෆරාන් බෙහාර්ඞීන්, හෙන්රි ඬේවිස්, ඇඩම් වෝට්ස්, උපුල් තරංග, හමීෂ් රදර්ෆර්ඞ්, ජොහාන් බෝතා, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, සචිත‍්‍ර සේනානායක, ඇන්ඩෲ මැක්ඩොනල්ඞ්, ජෝන් හේස්ටිංස්ග්, රිලෝ වැන්ඩර්මර්ව්, ජෙසී රයිඩර්, ෆිඩෙල් එඞ්වර්ඞ්ස්, ක්ලින්ට් මැකේ, දේවේන්ද්‍ර බිෂෝ, ඈෂ්ලි නර්ස්, ෆවාඞ් අහමඞ්, නිකීතා මිලර්, නිකී බෝයේ, ජේම්ස් මුයිර්හෙඞ්, රිචඞ් ලෙවී, කොලින් මුන්රෝ සහ ළහිරු තිරිමාන්න

 


අදහස් (7)

අයි. පී. එල්. හිමිකරුවෝ ඩිල්ෂාන් - මහේල නොසලකති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.