Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අයි.සී.සී. ප්‍රධාන සම්මාන තුනම කෝලිට

අයි.සී.සී. ප්‍රධාන සම්මාන තුනම කෝලිට

Nisanka Sandeepani - 2019 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉකුත් වසරේ (2018) ප්‍රධානතම අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන ත්‍රිත්වයට හිමිකම් ක්‍රීමට ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි සමත්වී ඇත. ඒ වසර් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා හිමිවන ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබස් සම්මානය මෙන්ම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා හිමිවන සම්මාන ද්විත්වයද දිනාගනිමිනි.
 
එම සම්මාන ත්‍රිත්වයට අමතරව වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙසද කෝලි නම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. ඉකුත් වසරේ සහභාගි වූ ටෙස්ට් තරග 13 කදී ලකුණු 1322 ක්ද, එක්දින තරග 14 කදී ලකුණු 1202 ක්ද, විස්සයි20 තරග 10 කදී ලකුණු 211 ක්ද රැස්කිරීමට ඔහු සමත් වී ඇත. 
 
මින් පෙර 2017 වසරේදීද වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන ද්වත්වයට හිමිකම් කීමට කෝලි සමත් විය. එවර ඔහුට අහිමි වූයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පමණි. එම සම්මාන එවකට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට හිමිවිය. 
 
ඉකුත් වසරේ ජූලි මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති විස්සය20 තරගයකදී ලකුණු 172 රැස්කළ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් වසරේ ඉහළම විස්සයි20 දක්ෂතාව වෙනුවෙන් හිමිවන සම්මානය දිනාගැනීමට සමත්ව ඇත. 
 
ස්කොට්ලන්ත කණ්ඩායමේ කැලම් මැක්ලියෝඞ් සම සාමාජිකත්වය හිමි රටවල වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 140 ක් ලබා එංගලන්තයට එරෙහිව පැවැති තරගයක් ජයග්‍රහණය කරා මෙහෙයවමින් ඔහු දැක්වූ දක්ෂතා එම සම්මානය දිනාගැනීම සඳහා හේතු වී තිබේ. 
 
වසරේ ක්‍රිකට් විනිසුරුවරයාට හිමිවන ‘ඬේවිඞ් ෂෙෆඞ්’ සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන මහතා සමත් වී ඇත. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස නම් කරනු ලැබ සිටියි. 
 
අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන 
 
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - විරාට් කෝලි (ඉන්දියාව) 
 
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා - විරාට් කෝලි (ඉන්දියාව) 
 
වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - විරාට් කෝලි (ඉන්දියාව) 
 
වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා - රිෂාබ් පාන්ට් (ඉන්දියාව) 
 
වසරේ ඉහළම විස්සයි20 දක්ෂතාව - ඒරන් ෆින්ච් (ඕස්ට්‍රේලියාව ) 
 
වසරේ ක්‍රීඩාවේ ගුණධර්ම ආරක්ෂා කළ ක්‍රීඩකයා - කේන් විලියම්සන් (නවසීලන්තය) 
 
සම සාමාජිකත්වය හිමි රටවල වසරේ ක්‍රීඩකයා - කැලම් මැක්ලියෝඞ් (ස්කොට්ලන්තය)  
 
වසරේ විනිසුරුවරයා - කුමාර් ධර්මසේන මහතා (ශ්‍රී ලංකාව) 
 
වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම - ටොම් ලේතම් (නවසීලන්තය), දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව), කේන් විලියම්සන් (නවසීලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) - නායක, හෙන්රි නිකෝල්ස් (නවසීලන්තය), රිෂාබ් පාන්ට් (ඉන්දියාව), ජේසන් හෝල්ඩර් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව), නේදන් ලයන් (ඕස්ටේ්‍රලියාව), ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව) සහ මොහොමඞ් අබ්බාස් (පාකිස්තානය) 
 
වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම - රෝහිත් ශර්මා (ඉන්දියාව), ජොනී බෙයාස්ට්‍රෝ (එංගලන්තය), විරාට් කෝලි (ඉන්දියාව) - නායක, ජෝ රූට් (එංගලන්තය), රොස් ටේලර් (නවසීලන්තය), ජොස් බට්ලර් (එංගලන්තය), බෙන් ස්ටෝක්ස් (එංගලන්තය), මුස්තෆිසුර් රෙහෙමාන් (බංග්ලාදේශය), රෂීඞ් ඛාන් (ඇෆ්ගනිස්තානය), කුල්දීප් යාදව් (ඉන්දියාව) සහ ජස්ප්‍රීට් බුම්රා (ඉන්දියාව) 
 
-036

අදහස් (0)

අයි.සී.සී. ප්‍රධාන සම්මාන තුනම කෝලිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.