Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ 12 වැනි අදියර, චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පස්වරු 8.00 ට පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ.
මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්, සන්රයිසස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, චෙන්නායි සුපර්කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස්, බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වේ.
තරගාවලියේ මූලික වටය මැයි මස 5 වැනිදා අවසන් වන අතර ඊට තරග 56 ක් ඇතුළත් වේ. මුලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් දෙක අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වේ.
ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවල රැදී සිටින කණ්ඩායම් දෙක අතර පරාජිතයන් ඉවත් කිරීමේ තරගයක් පැවැත්වෙන අතර එම තරගයේ ජයග්‍රාහකයා සහ පළමු අවසන් පූර්ව තරගයේ පරාජිතයා අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සිය සත්කාරක ක්‍රීඩාංගණයේදී තරග 7 කට සහභාගිවන අතර පිටස්තර ක්‍රීඩාංගණවලදී තවත් තරග 7 කට සහභාගි වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.