Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අයර්ලන්ත පිලට තියුණු ජයක්

අයර්ලන්ත පිලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ බංග්ලාදේශයේ සිලාට් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තරගයේදී ටෙස්ට් වරම් නොමැති අයර්ලන්ත පිල ටෙස්ට් වරම් හිමි රටක් වන සිම්බාබ්වේ පිල කඩුලූ 3 කින් පරාජය කිරීමට සමත් විය.
ලකුණු 164 ක ජයග‍්‍රාහි ඉලක්කය අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට අයර්ලන්ත පිල සමත් විය.

අයර්ලන්ත පිලට අවසන්  ඕවරයේදී ලකුණු 4 ක් පමණක් ලබා ගැනීමට සිදුවූ අතර තෙවැනි සහ සිවුවැනි පන්දුවලදී කඩුලූ දෙකක් බිඳ වැටීමෙන් අවසන් පන්දුවට ලකුණක් ලබා ගැනීමට බාර විය.

අවසන් පන්දුවට පහර දුන් ඇලෙක්ස් කෘසැක් ගේ පිත්තේ පන්දුව නොවැදී කඩුලූ රකින්නා අතට පත්වෙද්දී පිතිකරුවෝ දෙදෙනා ලකුණු සම්පූර්ණ කළහ.

අයර්ලන්ත ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ පෝල් ස්ටිලින් පන්දු 34 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 60 ක් රැස් කළේය. සිම්බාබ්වේ පිලේ වැඩිම ලකුණු ලාභියා වූ බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය.

සිම්බාබ්වේ පිල  ඕවර 20 දී කඩුලූ 5 ට 163
(හැමිල්ටන් මසකඞ්ෂා 21, බ්‍රෙන්ඩන් ටේලර් 59, සියන් විලියම්ස් 16, විසි සිබන්ඩා 16, එල්ටන් චිකුම්බුරා නොදැවී 22, ටිමිසි මරුමා නොදැවී 13, ජෝජ් ඩොක්රෙල් 18/2, ඇන්ඩි මැක්බි‍්‍රනි 26/2)

අයර්ලන්ත පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 164
(විලියම් පොර්ටර්ෆීල්ඞ් 31, පෝල් ස්ටිලින් 60, එඞ් ජෝයි 22, ඇන්ඩෘ පොයින්ට 23, කෙවින්  ඕබ‍්‍රයන් 17, ටිනාෂි පයන්ගරා 37/4)

 


අදහස් (0)

අයර්ලන්ත පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.