Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද පාකිස්තාන සංචිතයට ආරම්භක පිතිකරු අසාර් අලී සහ වේග පන්දුයවන ක්‍රීඩක මොහොමඞ් අමීර් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
අසාර් අලී දණහිසේ ආබාධයක් හේතුවෙන්ද, මොහොමඞ් අමීර් කකුලේ ඇටයේ ආබාධයක් හේතුවෙන්ද ඉකුත් ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති එක්දින තරගාවලියට සහභාගි නොවූහ.
කෙසේ වුවත් වමතින් දඟ පන්දුයවන ක්‍රීඩක ඉමාඞ් වසීම්ට (දණහිසේ ආබාධයක්) මෙන්ම වේග පන්දුයවන ක්‍රීඩකයන් වන ජුනේඞ් ඛාන්ට (පාදයේ ආබාධයක්) සහ උස්මාන් ඛාන්ටද (පිට කොන්දේ ආබාධයක්) විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් පාකිස්තාන සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.
අසාර් අලීගේ පැමිණීමත් සමග අහමඞ් ශේෂාඞ්ට පාකිස්තාන සංචිතයේ ස්ථානයක් අහිමිවී ඇති අතර ඉමාඞ් වසීම් වෙනුවට මොහොමඞ් නවාස් සංචිතයට කැඳවා තිබේ. තවමත් එක්දින වරම් දිනා නොමැති වේග පන්දුයවන ක්‍රීඩක ආමර් යමීන්ද සංචිතයට ඇතුළත්ව සිටියි.
පාකිස්තාන සංචිතය
සෆ්රාස් අහමඞ් (නායක), අසාර් අලී, ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඞ් හෆීස්, හාරිස් සොහේල්, ෆාහීම් අෂර්ෆ්, ශඩාබ් ඛාන්, මොහොමඞ් නවාස්, මොහොමඞ් අමීර්, හසන් අලී, ආමර් යමීන් සහ රුම්මන් රායිස්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.