Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති පළමු නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 60 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 366 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 305 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 40 ක් වන විට අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජේම්ස් මැකලම් (11) සහ ස්ටුවර්ට් තොම්සන් (4) පිටියෙන් ඉවත් කිරීමට අසිත ප්‍රනාන්ද සහ ඉසුරු උදාන සමත් වූහ. එහෙත් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ජේම්ස් ෂැනන් (67) සමග එක්වූ ලෝකන් ටකර් (109) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 96 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනගමින් අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සටන්කාමී මට්ටමකට රැගෙන ආවේය.
පන්දු 86 කදී වාර්තා වූ ටකර්ගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර පන්දු 67 කදී වාර්තා වූ ෂැනන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව මිලින්ද සිරිවර්ධනගේ පන්දුවක් හමුවේ ෂෙහාන් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් ෂැනන් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
එතැන් පටන් නායක හැරී ටෙක්ටර් (31) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටකර් සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 226 ක්ව තිබියදී ඉෂාන් ජයරත්නගේ සහ කමිඳු මෙන්ඩිස්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ටකර් සහ ටෙක්ටර් දෙදෙනාම දැවීයෑමත් සමග අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.
ඉන් අනතුරුව කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට අයර්ලන්ත පිතිකරුවෝ අසමත් වූ අතර ලකුණු 79 ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 5 ම බිඳවැටිණ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෂාන් ජයරත්න ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත් අතර අයර්ලන්ත පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ඉෂාන්ට අනගි සහායක් දුන් ඉසුරු උදාන සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමේ නායක හැරී ටෙක්ටර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවිෂ්ක ප්‍රනාන්දුගේ (128) සහ මිලින්ද සිරිවර්ධනගේ (නොදැවී 111) දක්ෂ පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 365 ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිෂ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් නායක උපුල් තරංග (66) සමග එක්ව පන්දු 163 කදී ලකුණු 161 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. එහිදී පන්දු 120 කට මුහුණදුන් අවිෂ්ක හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් සිය ශතකය අලංකාර කළේය. පන්දු 78 කදී වාර්තා වූ තරංගගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
ස්ටුවර්ට් තොම්සනන්ගේ පන්දුවක් හමුවේ මාක් ආදිර් අතට උඩ පන්දුවක් දෙමින් තරංග දැවීයෑමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. එතැන් පටන් අවිෂ්ක සමග එක්වූ මිලින්ද සිරිවර්ධන දෙවැනි කඩුල්ල සඳහා පන්දු 75 කදී තවත් ලකුණු 91 ක් එක්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 75 කදී ලබාගත් මිලින්දගේ වේගවගත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.
මුලු ලකුණු සංඛ්‍යාව 252 ක් වන විට පීටර් චේස්ගේ පන්දුවක් හමුවේ නායක හැරී ටෙක්ටර් අතට උඩ පන්දුවක් දෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස අවිෂ්ක පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුුව පන්දුවට පහරදීම සඳහා පැමිණි ඇන්ජලෝ පෙරේරාට (8), කමිඳු මෙන්ඩිස්ට (9) සහ ෂෙහාන් ජයසූරියට (10) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට අයර්ලන්ත පන්දු යවන්නෝ ඉඩක් නොදුන්හ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.