Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව හෙට (18 වැනිදා) ශිලාත්හිදී පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේදී දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගැනීමට වැඩි ඉඩක් පවතින බව වාර්තාවේ.
දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් දෙදෙනාම දැඩි ලෙස බංග්ලාදේශ පිතිකරුවන්ගේ පහර කෑමකට ලක්වීමත් සමග දෙවැනි තරගයේදී අසිත ප්‍රනාන්දුට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය අවධානය යොමු කර ඇතැයි දැනගන්නට ලැබේ.
ෂෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කළ අතර මධුෂංක යැවූ ඕවර 3කදී ලකුණු 39 ක්ද, උදාන යැවූ ඕවර 4 දී ලකුණු 45 ක්ද රැස්කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත් වූහ. එහිදී එක් කඩුල්ලක් දවාගැනීමට උදාන සමත් වුවද, මධුෂංකට එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි විය.
එබැවින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට හෙට තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමිවීමටත්, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත් වීමටත් වැඩි ඉඩක් පවතී. එම වෙනස්කම හැරුණුකොට පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමම දෙවැනි තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකිය.
ටෙස්ට් තරග වලදී මෙන්ම විස්සයි20 තරග වලදීද කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවකු ලෙස යොදාගැනීම සාර්ථක වූ බැවින් හෙට තරගයේදීද ධනුෂ්ක ගුණතිලක සමගින් ඔහු ශ්‍රී ලංකා ඉනිම අරඹනු ඇතැයි විශ්වාස කළ හැකිය. පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ කුසල්, පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 53 ක් රැස්කරමින් තරගයේ වීරයා බවටද පත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 තරගයකදී හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කරමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව, 2-0 ක් ලෙස විස්සයි20 තරගාවලියේ ජය අත්කර ගැනීමේ අරමුණෙන් හෙට තරගයට පිවිසෙනු ඇත. එහෙත් බංග්ලාදේශය හෙට තරගයට පිවිසෙන්නේ මේ වන විට 1-0 ක් ලෙස පවතින තරගාවලිය කෙසේ හෝ 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්කර ගැනීමේ අරමුණෙනි.
ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් මේ වන විට එම ආබාධ තත්ත්වයෙන් සුවය ලබා ඇති බවට වාර්තා වේ. යම් හෙයකින් ඔහු හෙට තරගයට සහභාගි වුවහොත් පළමු තරගයේදී සෞම්‍ය සර්කාර් සමග එක්ව බංග්ලාදේශ ඉනිම ඇරඹූ සකීර් හසන්ට කණ්ඩායමේ ස්ථානයක් අහිමිවනු ඇත.
මෙම තරගාවලියේ පළමු තරගයද සමගින් මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි20 තරග 8 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 6 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 2 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ.
ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.