Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අස්ගර්ට - රෂීඩ්ට - හසන් අලීට දඩ

අස්ගර්ට - රෂීඩ්ට - හසන් අලීට දඩ

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ගනිස්තාන කණ්ඩායෙමේ නායක අස්ගර් ඇෆ්ගන්ට සහ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන්ට මෙන්ම පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට සිය තරග මුදලෙන් 15% ක දඩ නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (21 වැනිදා) පැවැති තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විනය නීති කඩවන අයුරින් හැසිරීම ඔවුන්ට එලෙස දඩ නිම කිරීමට හේතුවී තිබේ.

ඔවුන් අතින් සිදුව ඇති විනය කඩ කිරීම් වෙනුවෙන් නියම කළ දඩවලට අමතරව ඔවුන් තිදෙනාටම දඩුවම් ලකුණ බැගින් ලබාදීමටද අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. හසන් අලී සහ රෂීඞ් ඛාන් දඩුවම් ලකුණු ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ගෙවී ගිය වසර 2 තුළ අස්ගර් ඇෆ්ගන් දඩුවම් ලකුණු ලැබූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සටහන් වේ.

ඇෆ්ගනිස්තාන ඉනිමේ 33 වැනි ඕවරය යැවූ හසන් අලී, එම ඕවරය තුළදී පන්දුවට පහරදෙන අන්තයේ සිටි හස්මතුල්ලා ශහිඩි වෙත පන්දුව දමාගැසීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වී තිබේ. අස්ගර් ඇෆ්ගන් සිදුකර ඇති විනය කඩ කිරීම වන්නේ 37 වැනි ඕවරයේදී ලකුණක් ලබාගැනීම සඳහා දිවයෑමේදී හිතාමතාම හසන් අලීගේ ඇගේ හැප්පීමයි.

පාකිස්තාන ඉනිමේ 48 වැනි ඕවරයේදී අසීෆ් අලී දවාගැනීමෙන් අනතුරුව ඔහුට ඇගිල්ල දිගුකොට ක්‍රීඩාගාරය වෙත යන ලෙසට සංඥ්ඥා කිරීම රෂීඞ් ඛාන් අතින් සිදුව ඇති විනය කඩ කිරීමේ සිදුවීමයි.  

 

-036

 


අදහස් (0)

අස්ගර්ට - රෂීඩ්ට - හසන් අලීට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.