Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අසාර් - ෂෆීක් පාකිස්තානය ඔසවා තබති

අසාර් - ෂෆීක් පාකිස්තානය ඔසවා තබති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම අසාර් අලීගේ සහ අසාද් ෂෆීක්ගේ අනගි සම්බන්ධතාව හමුවේ සියලු දෙනා දැවී ලකුණු 348 ක් ලබාගත්තේය.

දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටි පාකිස්තාන ක්‍රීඩකයෝ අද දිනයේදී (5 වැනිදා) සිය පළමු ඉනිමට තවත් ලකුණු 209 ක් එක්කර ගත්හ. එහිදී පාකිස්තාන පළමු ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 201 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අසාර් අලී (134) සහ අසාද් ෂෆීක් (104) සමත් වූහ. අසාර්ගේ 15 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 12 ක් අන්තර්ගත වූ අතර ෂෆීක්ගේ 12 වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 14 කින් සමන්විත විය.

තෙවැනි දිනය වූ අද තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා පාකිස්තානයට වඩා ලකුණු 48 ක් පසුපසින් සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි නායක කේන් විලියම්සන් ලකුණු 14 ක් ලබා සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි විලියම් සමර්විල් ලබා සිටියේ එක් ලකුණක් පමණි.  

මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී නවසීලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ජීත් රාවල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ශහීන් අෆ්රිඞ් සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ යසීර් ෂා, ලකුණු 24 ක් වන විට නවසීලන්ත කණ්ඩායමට දෙවැනි කඩුල්ලත් අහිමි කළේය. හාරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ටොම් ලේතම් ලබා සිටියේ ලකුණු 10 ක් පමණි.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(ජීත් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වොට්ලින් නොදැවී 77, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 20, බිලාල් අසීෆ් 65/5, යසීර් ෂා 75/3)

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 348  
(අසාර් අලී 134, හාරිස් සොහෝල් 34, අසාද් ෂෆීක් 104, සර්ෆරාස් අහමඞ් 25, විලියම් සමර්විල් 75/4, ටේ‍රන්ට් බෝල්ට් 66/2, අජාස් පටේල් 100/2)

නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 26


-036

 


අදහස් (0)

අසාර් - ෂෆීක් පාකිස්තානය ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.