Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner අසේල ඩකා ඩයිනමයිට්ස් පිලට

අසේල ඩකා ඩයිනමයිට්ස් පිලට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට හිමිව ඇති බව වාර්තා වේ.

අසේලගේ ඇතුළත්වීම සම්බන්ධයෙන් ඩකා ඩයිනමයිට්ස් බලධාරීන් මෙතෙක් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැතත්, කිසිදු පිළිවෙලකින් තොරව අසේලගේ නමද ඇතුළත් වන ඡායාරූපයක් ඔවුන් ප්‍රසිද්ධ කර තිබේ.  

සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීම අර්ධ ශතකයක් ලබාගත් අසේල, දෙවැනි ටෙස්ට් තරගය නිමා කළේ ශතකයකද හිමිකරුවෙක් බවට පත්වෙමිනි. මේ වසර මුල් භාගයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව පිට පිට අර්ධ ශතක 2 ක් ලබාගනිමින් 2-1 ක් ලෙස විස්සයි-20 තරගාවලි ජයක්ද ශ්‍රී ලංකාවට අත්කර දීමට අසේල සමත් විය.

මේ වන විට 31 වැනි වියේ පසුවන අසේල, ටෙස්ට් තරග 4 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 330 ක්ද, එක්දින තරග 16 කදී ශතකයක් සමගින් ලකුණු 384 ක්ද,  විස්සයි20 තරග 9 කදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 185 ක්ද රැස්කිරීමට සමත්ව සිටියි. අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ සාමාජිකයකුව සිටියද එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අසේලට අවස්ථාව නොලැබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරද ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ඔහුට අමතරව පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි, මොහොමඞ් අමීර්, ඕස්ටේ්‍රලියාවේ ෂේන් වොට්සන් සහ බටහිර ඉන්දීය කොදෙවු දූපත්හි සුනිල් නරේන්ද විදෙස් ක්‍රීඩකයන් ලෙස ඩයිනමයිට්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ඉකුත් වසරේ ශූරයන් වන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමද සමගින් කණ්ඩායම් 8 ක් මෙවර තරගාවලියේදී තරග වදිති.


- 036


අදහස් (0)

අසේල ඩකා ඩයිනමයිට්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.