Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු අතර නොසිටින ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සංචිතයෙන් ඉවත් කළ ඉන්දීය තේරීම් කමිටු සභාපති එම්.එස්.කේ. ප්‍රසාද් මහතා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට රවීන්ද්‍ර ජදේජා කැඳවූයේය. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය හෙට (26 වැනිදා) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
‘බෝඩර් - ගවස්කාර් තරගාවලිය’ ලෙසින් හැඳින්වෙන මෙම තරගාවලියට ඇතුළත් වන්නේ ටෙස්ට් තරග 4 ක් පමණක් බැවින්ද, මේ වන විට දෙපිලම තරගයක් බැගින් ජයගෙන සිටින බැවින්ද අද ඇරඹෙන තුන්වැනි තරගය අතිශය තීරණාත්මක මායිමක තිබේ. අද ඇරඹෙන තරගයේ ජයග්‍රාහකයන්ට 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත හැකි බැවින් මෙල්බර්න් තරගය ජයගන්නා කණ්ඩායම තරගාවලියෙන් පරාජය නොවේ.
පළමු තරග දෙකේ ඉනිම හතරකදීම ඉලක්කම් දෙකකින් කිවහැකි සම්බන්ධතා එකක් පමණක් පැවැත්වූ ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ලෝකේෂ් රාහුල් සහ මුරලි විජේ දෙදෙනාටම සිය ස්ථාන අහිමි වී තිබේ. මයාන්ක් අග්‍රවාල් අද දිනයේදී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීමට සූදානමින් සිටින අතර හනුමා විහාරි ඔහු සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිතය.
ඉන්දීය තේරීම් කමිටු නිලධාරීන්ගේ මතය වී ඇත්තේ පරාජය වූ පර්ත් ටෙස්ට් තරගයේදී දඟ පන්දු යවන්නකු සමගින් ක්‍රීඩා නොකිරීම තමන්ට බලවත් අවාසියක් වූ බවයි. මස්පිඬු ඇදීමක් හේතුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩා නොකරන බැවින් රවීන්ද්‍ර ජදේජා කණ්ඩායමට කැඳවා තිබේ.
ඕස්ට්‍රේලියානු පිලද පීටර් හැන්ස්කොම්බ් ඉවත්කර ඒ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ආපසු කැඳවා තිබේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එකම වෙනස එයයි. කෙසේ වෙතත් මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ නායක ටින් පේන්ගේ සම නායකයා ලෙසින් පත්කරන ලද ’යි කියැවුණු හත් හැවිරිදි ආචී ෂීලර්ගේ නම ඕස්ටේ්‍රලියානු පිලේ ක්‍රීඩකයන් 11 දෙනා අතරට ඇතුළත්ව නැත.
“මේද දීර්ඝ තරගාවලියක්. අපේ පන්දු යවන්නන්ට ඕනෑවටත් වඩා වැඩ තොගයක් තිබුණා. ඒ නිසා අපි හිතනවා මේ තරගයේ කොතැනකදී හෝ මිචෙල් මාෂ්ගේ සේවය අපට ඕනෑ වෙයි කියලා” යයි හිටපු ආරම්භක පිතිකරු ජෙෆ් මාෂ් මහතාගේ පුතණුවන් නැවතත් කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියානු නායක ටිම් පේන් පැවසීය.
වසරකට ඉහතදී ‘කිසිදු වැදගැම්මකට නැති තණතීරුවක්’ ලෙසින් හැඳින්වුණු මෙල්බර්න් තණතීරුවේදී තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ඉන්දීය නායක විරාට් කෝලි බලාපොරොත්තු සහගතව සිටී.
“කණ්ඩායමක් හැටියට අපි හැම වෙලාවෙම ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. පේන විදිහට තණතීරුව ඉතාමත් වියළියි. ඒත් තණකොළ තියෙනවා. ඒ නිසා පන්දු යවන්නන්ට බලාපොරොත්තු තියාගන්න පුළුවන්” යයි කෝලී කීවේය.
ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), මයාන්ක් අග්‍රවාල්, හනුමා විහාරි, චෙටේස්වාර් පුජාරා, අජින්ක්‍යා රහනේ, රෝහිත් ෂර්මා, රිෂාබ් පන්ට්, රවීන්ද්‍ර ජදේජා, මොහොමඞ් ෂාමි, ඉෂාන්ත් ෂර්මා සහ ජස්ප්‍රීට් බුම්රා
ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ටිම් පේන් (නායක), ඒරන් ෆින්ච්, මාකස් හැරිස්, උස්මන් කවාජා, ෂෝන් මාෂ්, ට්‍රැවිස් හෙඞ්, මිචෙල් මාෂ්, පැට්ටි්‍රක් කමින්ස්, මිචෙල් ස්ටාක්, නේතන් ලයන් සහ ජොස් හේසල්වුඞ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.