Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ආසියානු කුසලාන නැවතත් ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන නැවතත් ශ්‍රී ලංකාවට

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 16 Comment
A A A

 

බංග්ලාදේශයේ ඩකා නුවරදී අද (8 වැනිදා) පැවති අවසන් මහ තරගයේදී පාකිස්තානය කඩුලූ 5 කින් පරාජය කරමින් අති විශිෂ්ට ජයක් අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම යලිත් වතාවත් ආසියනු කුසලාන දිනාගත්තේය.

තරග 5 කදී ශතක 2 ක් සමගින් ලකුණු 279 ක් රැස්කළ ලහිරු තිරිමාන්න තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර ලසිත් මාලිංග අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ලකුණු 261 ක ඉලක්කයක් හඹාගිය ශී‍්‍ර ලංකා පිල, කඩුලූ 5 අතැතිව තිබියදී පන්ද 22 ක් ඉතිර කරගෙන තම ඉලක්කය සපුරාගත්තේය. ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ ලහිරු තිරිමානන් (101) සහ මහේල ජයවර්ධන (75) තුන්වැනි කඩුල්ල සඳහා 156 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර ලසිත් මාලිංගගේ පන්දු යැවීමෙන් (59/5) පාකිස්තාන පිතිකරුවන් පාලනය කර තිබීණ.

මහේල ජයවර්ධන සහ ලහිරු තිරිමාන්න එක්ව ගොඩනැගූ එම සම්බන්ධතාව බිඳදැමීම සඳහා පාකිස්තානුවන්ට අවස්ථාවක් හිමිවුවත්, 33 වැනි  ඕවරයේදී උමාර් ගුල්ගේ පන්දුවක් හමුවේ මහේල ජයවර්ධන ලබාදුන් උඩපන්දුව මොහොමඞ් හෆීස් අතින් බිම වැටීමත් සමග ඔවුන් අතින් එම අවසථාව ගිලිහී ගියේය.

ප‍්‍රවේගකාරී නොවන නමුත් ලකුණු 261 ක ඉලක්කය හඹා යාමට තරම් වන ආරම්භයක් ලබාගත් කුසල් පෙරේරා (42) සහ කුමාර් සංගක්කාර (0) දවාගැනීමට සයිඩ් අජ්මාල් සමත් වීමෙන් ශී‍්‍ර ලංකා පිල යම් පීඩනයකට ලක්විය. 

පාකිස්තානු පිලේ ආරම්භය මන්දගාමී වූ නමුත් අවසන්  ඕවර 10 දී අත දිගහැර පහර දුන් ෆවාඞ් අලාම් ලබාගත් ශතකයත් උමාර් අක්මල්ගේ ප‍්‍රවේගකාරී අර්ධ ශතකයත් නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු පිල  ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 260 ක් ලබාගැනීමට සමත් විය. ආසියානු කුසලන තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් තරග සියල්ලම ජයගත් නමුත් කුසලානය දිනා ගැනීමට නම් අද තරගයේදී ලකුණු 261 ක් ලබාගන්නා ලෙස ෆවාඞ් අලාම් සහ උමාර් අක්මල් ශී‍්‍ර ලංකා පිලට අභියෝග කළහ.

තරගයේ 40 වැනි  ඕවරයේදී කඩුලූ 4 කට ලකුණු 159 ක් පමණක් ලබා සිටි පාකිස්තානු පිලට වෙනුවෙන් උමාර් අක්මල් සහ ෆවාඞ් අලාම් එක්ව පන්දු 78 කදී ලකුණු 115 ක් රැස්කරමින් තම පිලේ ලකුණු සංඛ්‍යාව 260  දක්වා ඔසවා තැබූහ.

පන්දු 134 කට මුහුණ දුන් ෆවාඞ් අලාම් හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 114 ක් ලබාගනිද්දී සුපුරුදු ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹයට පිවිසි උමාර් අක්මල් හතරේ පහර 7 ක් සමගින් පන්දු 42 කදී ලකුණු 52 ක් ලබාගත්තේය.

පිට පිටම දෙවැනි වතාවටත් පාකිස්තානු පිලට එරෙහිව කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූ ලසිත් මාලිංගගේ  ඕවර 10 න් පිතිකරුවෝ ලකුණු 56 ක් උදුරා ගත් නමුත් වෙනත් කිසිම පන්දු යවන්නකුට කඩුල්ලක් දවාගත නොහැකි විය.

පළමු  ඕවර 10 දී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 28 කට සීමාකළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ දෙවැනි  ඕවර 10 දීත් ඔවුන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 28 ක් පමණි. 20 වැනි  ඕවරයේ සිට 35 වැන්න දක්වා පකිස්තානුවන් ලකුණු 67 ක් ලබාගත් නමුත් එයින් ලකුණු 10 ක්ම 34 වැනි  ඕවරයේදී වාර්තා විය. මේ සියල්ල සිදවෙද්දී කඩුලූ දවාගැනීමේ සාධාරණ අවස්ථා දෙකක්ම ශී‍්‍ර ලංකා පිලට අහිමි විය.

ෆවාඞ් අලාම් ලකුණු 16 ක් ලබා සිටියදී තිසර පෙරේරා විසින් යවන ලද පන්දුවකට ගැසූ පහරකින් පිත්තේ ඇතුළත දාරයේ ගැටුණු පන්දුව කුමාර් සංගක්කාර සුරැකිව රැකගත් නමුත් විනිසුරු නයිජල් ලොන්ග් මහතා එය සීමාවෙන් ඉවත ගිය පන්දුවක් වශයෙන් සටහන් කළේය. එයින් ලකුණු 10 කට පසුව මිස්බා උල්හක්ගේ උඩ පන්දුවක් කුමාර් සංගක්කාරගේ අත් ආවරණ අතර සැගවී ගිය නමුත් බෲස් ඔක්සන්ෆර්ඞ් විනිසුරුවරයාගේ දෑසට එය හසු නොවීය.

මෙම අවස්ථා දෙක ගිළිහා යාම හේතුවෙන් ෆවාඞ් අලාම් සහ මිස්බා එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පසුව මිස්බා ලකුණු 65 ක් ලබාගත් අතර අලාම් ශතකයක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක මිස්බා උල් හක් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් සිය පළමු  ඕවර තුනේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාත් අංක 3 පිතිකරු මොහොමඞ් හෆීස්වත් ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ලසිත් මාලිංග සමත් විය. තිසර පෙරේරා විසින් උඩපන්දුවක් රැුකගැනීම නිසා පළමු  ඕවරයේදීම සර්ජිල් ඛාන් දැවී ගිය අතර සංගක්කාර - මාලිංග සුසංයෝගයෙන් පාකිස්තානු පිලට දෙවැනි සහ තුන්වැනි කඩුලූ අහිමි විය.

සංඛ්‍යාත්මක දත්ත විශ්ලේශකයන් පවසන පරිදි ලසිත් මාලිංග කඩුලූ 3 ක් දවාගත් තරග වලින් 74% ක් ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත.
 
සිය මුල්  ඕවර 4 දී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 06 කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත් වීම හේතුවෙන්  ඕවර 8 ක් අවසානයේදී පාකිස්තානුවන්ට ලබාගත හැකිවූයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 20 ක් පමණි.  පසුව 9 වැනි  ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග වෙනුවට සචිත‍්‍ර සේනානායක කැඳවන ලදි.

අද තරගයේදී ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය විවර කරගැනීම සඳහා අජන්ත මෙන්ඩිස් කී‍්‍රඩා නොකරයි. කෙසේ වෙතත් මෙම තීරණය තරගයේ විස්තර කථකයකු වන පාකිස්තානු පිලේ හිටපු නායකයකු වන වසිම් අක්රම්ගේ දැඩි පී‍්‍රතියට හේතු විය.
”මා දකින විදිහට අජන්ත මෙන්ඩිස් පන්දු යවන ආකාරය අනුව ඔහු පන්දුව කඩුල්ල එල්ලයේම යවනවා විතරක් නොවෙයි එය විවිධ ආකාරයටත් යවනවා. ඒ නිසා මේ තරගයේදී අජන්ත මෙන්ඩිස් නැති එක පාකිස්තානු පිලේ සිටින නවක පිතිකරුවන්ට මහත් සැනසීමක් වේවි” යයි තරගයට පෙර වසිම් අක්රම් පැවසීය.

එහෙත් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ පවසන්නේ වෙනත් කතාවකි.

”එක අසීරු තීරණයක්....ඒත් ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී පන්දු යැවීම ගැන බැලූවාම අපි හිතුවා මාලිංග තියා ගන්න එක හොඳයි කියලා” යයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

 

ලකුණු පුවරුව

අවසන් තරගයේ තවත් සේයාරූ...

 


අදහස් (16)

ආසියානු කුසලාන නැවතත් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.