Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත මංගල ටෙස්ට් තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දඟ පන්දුයැවීමේ බළෑණියට නායකත්වය දීම සඳහා නව යොවුන් වියේ පසුවන රෂීඞ් ඛාන් සූදානමින් සිටින බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ජූනි මස 14 වැනිදා පැවැත්වෙන එම ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයට රෂීඞ් ඛාන්ට අමතරව මුජිබුර් රෙහෙමාන්, සාහිර් ඛාන් සහ හම්සා හෝතක් යන දඟ පන්දු යවන්නෝද ඇතුළත්ව සිටිති.
තවමත් 19 වැනි වියේ පසුවන රෂීඞ් ඛාන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 21 ක් දවාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම නියෝජනය කළ 17 හැවිරිදි මුජිබුර් රෙහෙමාන් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 14 කි.
මංගල ටෙස්ට් තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව අස්ගර් ස්ටැනික්සායිට හිමි වී ඇති අතර එම ටෙස්ට් තරගයෙන් අනතුරුව බංග්ලාදේශට එරෙහිව පැවැත්වෙන විස්සය20 තරග 3 දීද ඔහු ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වය දරණු ඇත.
ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතය
අස්ගර් ස්ටැනික්සායි (නායක), මොහොමඞ් ශේෂාඞ්, ජාවෙද් අමාදි, ඉසනුල්ලා ජන්නත්, රහමත් ෂා, නසිර් ජමාල්, හෂ්මතුල්ලා ශහිදි, අෆ්සර් සසායි, මොහොමඞ් නබී, රෂීඞ් ඛාන්, සාහිර් ඛාන්, හම්සා හෝතක්, සයිඞ් අහමඞ් ශේෂාඞ්, යාමින් ආමඞ්සායි, වෆාදාර් මෝමන්ඞ් සහ මුජිබුර් රෙහෙමාන්
ඇෆ්ගනිස්තාන විස්සයි20 සංචිතය
අස්ගර් ස්ටැනික්සායි (නායක), මොහොමඞ් ශේෂාඞ්, නජීබුල්ලා ටරකායි, උස්මන් ගානි, නජීබුල්ලා සද්රාන්, ශමිවුල්ලා ෂෙන්වරි, ශෆිවුල්ලා ශෆීක්, දර්විෂ් රසූලි, මොහොමඞ් නබී, ගුල්බාඩින් නබි, කරීම් ජන්නත්, රෂීඞ් ඛාන්, ශරෆුඩීන් අෂ්රෆ්, මුජිබුර් රෙහෙමාන්, ශපූර් සද්රාන් සහ අෆ්ටාබ් අලාම්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.