Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (1 වැනිදා) පැවති එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන පිල සමත්විය.
මෙය ටෙස්ට් ක‍්‍රීඩා කරන රටකට එරෙහිව ඔවුන් ලබාගත් 1 වැනි ජය මෙන්ම එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී ඔවුන් ලබාගත් 17 වැනි ජය ලෙසද වාර්තා පොත් වලට එක්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 255 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිලට ඕවර 47.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 222 ක් පමණි.
එහිදී මෙහොමඞ් නබි ලකුණු 44 කට බංග්ලාදේශ ඉනිමේ කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන පිලට ආරාධනා කර සිටි අතර තම පිලේ පළමු කඩුලූ 5 ම ලකුණු 90 ක් තුළදී බිඳවැටීම නිසා ඇෆ්ගන් පිල අපහසුතාවයට පත් විය.
එම අවස්ථාවේදී ඉතාමත් සුපරික්ෂාකාරී ලෙස කඩුල්ලේ රැදීසිටිමින් තරමක් සෙමින් ලකුණු රැස්කිරීම ඇරඹු අස්ගර් ස්ටැනික්සායි සහ සමිඋල්ලා ශෙන්වරි, අවසන් ඕවර කිහිපයේදී අනුකම්පා විරහිතව වැරෙන් පන්දුවට පහරදෙමින් වේගවත් ලෙස ලකුණු රැස්කළහ.
පන්දු 138 කදී ලකුණු 164 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ඔවුන් දෙදෙනා සමත්වූ අතර අස්ගර් ස්ටැනික්සායි පන්දු 106 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නෙදැවී ලකුණු 90 ක්ද, සමිඋල්ලා ශෙන්වරි පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 73 ක්ද රැස්කළහ.
ඇෆ්ගනිස්ථාන පිල - ඕවර 50 කදී කඩුලූ 6 කට 254
(නජිබුල්ලා සද්රාන් 2, අස්ගර් ස්ටැනික්සායි නොදැවී 90, නව්රොස් මංගල් 24, සමිඋල්ලා ශෙන්වරි 81, අර්ෆට් සනී 44/2)
බංග්ලාදේශ පිල - ඕවර 47.5 කදී සියලූ දෙනා දැවී 222
(මොමිනුල් හක් 50, මුෂ්ෆික රහීම් 23, නසාර් හුසේන් 41, නයීම් ස්ලාම් 35, සියවුර් රෙහෙමාන් 41, රුබෙල් හුසේන් 17, මෙහොමඞ් නබි 44/3, හමීඞ් හසන් 26/2, ශපූර් සඞ්රාන් 39/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.