Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්

ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවති තරගය ලකුණු 136 කින් ජය ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.

පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාවෙන් මෙපිට දවාගැනීමට ඇෆ්ඝනිස්තාන් පන්දු යවන්නෝ සමත්වූහ. සකීබ් අල් හසන් ලකුණු 32 ක්, මහමුදුල්ලා ලකුණු 27 ක් සහ මොසැඩෙක් හුසේන් නොදැවී ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත් රෂීඞ් ඛාන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර ඕවර 9 ක් යවමින් නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 13 කට කඩුලු 2 ක් දවාගත්තේය. මුජීබ් උර් රහ්මන් සහ ගුල්බදීන් නයිබ් කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 255 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 160 කට කඩුලු 7 ක් දැවී අසරණවී සිටි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් අටවැනි කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 95 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට ගුල්බදින් නයිබ් සහ රෂීඞ් ඛාන් සමත්වූහ.

එහිදී වේගවත් පිතිහරඹයක නිරතවූ රෂීඞ් ඛාන් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් රැස්කිරීමට සමත්විය. රෂීඞ් ඛාන්ට අනගි සහයක් ලබාදුන් ගුල්බදින් නයිබ් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස් කළේය.

පළමු කඩුලු 2 ලකුණු 28 ක් තුළ දැවී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් ශාසාඞ් සහ හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අර්ධ ශතකයක් ලබාගනිමින් ඇෆ්ඝනිස්තාන් ඉනිම ගොඩනැගූ හෂ්මතුල්ලා ශහිඩි දැවීයන විට ලකුණු 58 ක් රැස්කර සිටියේය. පන්දු 92 කට මුහුණදුන් හෂ්මතුල්ලා ශහිඩිගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඇෆ්ගනිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 255
(මොහොමඞ් ශාසාඞ් 37, හෂ්මතුල්ලා ශහිඩි 58, ගුල්බදින් නයිබ් නොදැවී 42, රෂීඞ් ඛාන් නොදැවී 57, සකීබ් අල් හසන් 42/4, අබු හයිඩර් 50/2)

බංග්ලාදේශය - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 119
(
සකීබ් අල් හසන් 32, මහමුදුල්ලා 27, මොසැඩෙක් හුසේන් 26, රෂීඞ් ඛාන් 13/2, මුජීබ් උර් රහ්මන් 22/2, ගුල්බදීන් නයිබ් 30/2)


අදහස් (0)

ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.