Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව සුපිරි හතරට

ඉන්දියාව සුපිරි හතරට

Nisanka Sandeepani - 2018 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. පාකිස්තානය සමගින් පැවැති තරගයද පරාජයට පත්වූ හොංකොං කණ්ඩායමට ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය හොංකොං කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 259 ක් පමණි.

හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වූ නිසාකට් ඛාන් සහ නායක අන්ෂුමාන් රාත් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 205 කදී ලකුණු 174 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන්ගේ සහයෝගය නොලැඹීම හේතුවෙන් තරගය පරාජයට පත්විය.

ඛලීල් අහ්මඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු නිසාකට් ඛාන් පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 92 ක් රැස්කිරීමට සමත්විය. නිසාකට් ඛාන්ට අනගි සහයක් ලබාදුන් අන්ෂුමාන් රාත් ආරම්භයේදී ලකුණු ලබාගැනීම සෙමින් සිදුකළද අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව ලකුණු ලබාගැනීම වේගවත් කළේය. පන්දු 97 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට අන්ෂුමාන් රාත් සමත්විය.

මංගල තරගයට සහභාගීවූ ඛලීල් අහ්මඞ් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කුල්දීප් යාදව් කඩුලු 2 ක් දවාගත්තේය.

ශීකර් ධවාන්ගේ (127) විශිෂ්ට පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් රැස්කිරීමට සමත්විය.

පන්දු 105 කදී සිය 14 වැනි එක්දින ශතකය ලබාගත් ශීකර් ධවාන් දැවීයන විට ලකුණු 127 ක් රැස්කර සිටියේය. කිංචිට් ෂාගේ පන්දුවක් හමුවේ තන්වීර් අෆ්සාල්ගේ අතට උඩපන්දුවක් දෙමින් ධවාන් දැවීයන විට පන්දු 120 කට මුහුණදී සිටි අතර හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් ඔහු සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

අම්බති රයිදු සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 116 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශීකර් ධවාන් තෙවැනි කඩුල්ල සඳහා ඩිනේෂ් කාර්තික් සමගින් එක්ව තවත් ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. 

ශීකර් ධවාන්ට අනගි සහයක් ලබාදුන් අම්බති රයිදු පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

කිංචිට් ෂා ඕවර 9 ක් යවමින් ලකුණු 39 කට කඩුලු 3 ක් සහ ඒසාන් ඛාන් ලකුණු 65 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පාකිස්තානය සමගින් පැවැති තරගය පරාජයට පත්වු හොංකොං කණ්ඩායමට තවදුරටත් තරගයේ රැඳී සිටීමට අද ඉන්දියාවත් සමගින් පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව ඇත.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 285
(රෝහිත් ශර්මා 23, ශීකර් ධවාන් 127, අම්බති රයිදු 60, ඩිනේෂ් කාර්තික් 33, කේදර් ජාදව් නොදැවී 28, කිංචිට් ෂා 39/3, ඒසාන් ඛාන් 65/2)

හොංකොං - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 259
(නිසාකට් ඛාන් 92, අන්ෂුමාන් රාත් 73, ඒසාන් ඛාන් 22, ඛලීල් අහ්මඞ් 48/3, යුස්වේන්ද්‍ර චහල් 46/3, කුල්දීප් යාදව් 42/2


අදහස් (0)

ඉන්දියාව සුපිරි හතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.