Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර සමගින් පැවැත්වෙන වටයේ බංග්ලාදේශ සහ ඉන්දිය කණ්ඩායම් අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 36.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි නායක රෝහිත් ශර්මා පන්දු 104 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 83 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා ඉන්දීය කණ්ඩායම රැගෙන ගියේය.

ශීකර් ධවාන් සමගින් පළමු කඩුල්ල සඳහා ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රෝහිත් ශර්මා තෙවැනි කඩුල්ල සඳහා මහේන්ද්‍ර සිං දෝනී සමගින් එක්ව තවත් ලකුණු 64 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ශීකර් ධවාන් ලකුණු 40 ක් සහ මහේන්ද්‍ර සිං දෝනී ලකුණු 33 ක් රැස්කරමින් රෝහිත් ශර්මාට අනගි සහයක් ලබාදුන්හ.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 49.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173 ක් පමණි.

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ලකුණු ඉතා අසරණවූ බංග්ලාදේශ පිතිකරුවෝ හතදෙනෙකුම ලකුණු 101 ක් තුළ දැවී ගියහ. නමුත් කඩා වැටුණු ඉනිම තරමක් දුරට ගොඩගත් නායක මෂ්රෆී මොර්තාසා සහ මෙහෙදි හසන් අටවැනි කඩුල්ල සඳහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ මෙහෙදි හසන් පන්දු 50 කදී හයේ සහ හතරේ පහර 2 බැගින් ලබාගනිමින් ලකුණු 42 ක් රැස්කිරීමට සමත්විය. මෙහෙදි හසන්ට අනගි සහයක් ලබාදුන් නායක මොර්තාසා හයේ පහර 2 ක් සමගින් පන්දු 32 කදී ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.

රවින්ද්‍ර ජදේජා කඩුලු 4 ක් ද බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 බැගින් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කිරීමට සමත්වූහ.

ඉන්දිය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ආබාධයකට ලක්වූ හර්දික් පාණ්ඩ්‍යා වෙනුවට රවින්ද්‍ර ජදේජා කණ්ඩායමට කැදවා ඇති අතර මොමිනුල් හක් සහ අබූ හයිඩර් කණ්ඩායමෙන් ඉවත්කර මුෂ්ෆීකූර් රහීම් සහ මුස්ටෆීසූර් රෙහ්මාන් බංග්ලාදේශ කණ්ඩායමට කැදවූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ඉන්දියාව තීරණය කළේය.


බංග්ලාදේශය - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 173
(මුෂ්ෆීකුර් රහීම් 21, මහමුදුල්ලා 25, මෂ්රෆී මොර්තාසා 26, මෙහෙදි හසන් 42, රවින්ද්‍ර ජදේජා 29/4, බුවනේෂ්වර් කුමාර් 32/3, ජස්ප්‍රීට් බුම්රා 37/3)

ඉන්දියාව - ඕවර 36.2 කදී කඩුලු 3 ක් දැවී 174
(රෝහිත් ශර්මා නොදැවී 83, ශීකර් ධවාන් 40, මහේන්ද්‍ර සිං දෝනී 33)

 

 


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.