Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව ලකුණු 31 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඉන්දියාව ලකුණු 31 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඞ්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (10 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භයේදී 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 322 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 291 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී මොහොමඞ් සාමි, ජස්ප්‍රීට් බුම්රා සහ රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහරි කළහ.

සිවුවැනි දිනය වූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි. එහිදී සිය 10 වැනි ටෙස්ට් අර්ධ ශතක ලබාගැනීමට ෂොන් මාෂ් (60) සමත් වූයේ හතරේ පහර 5 ක් සමගිනි.

නායක ටිම් පේන් හතරේ පහර 4 ක් සමග ලකුණු 41 ක් ලබා සිටියදී ජස්ප්‍රීත් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්ව ගියේය. ඕස්ට්‍රේලියානු පසුපෙළ පිතිකරුවන් වන පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් ලකුණු 28 බැගින් රැස්කළ අතර නේදන් ලයන් නොදැවී 38 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීම සඳහා කඩුලු අතර සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට ඔවුහු අපොහොසත් වූහ.


ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 250
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 235
ඉන්දීය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 307
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 291

(මාකස් හැරිස් 26, ෂොන් මාෂ් 60, ටිම් පේන් 41, පැට් කමින්ස් 28, මිචෙල් ස්ටාක් 28, නේදන් ලයන් නොදැවී 38, මොහොමඞ් සාමි 65/3, ජස්ප්‍රීට් බුම්රා 68/3, රවිචන්ද්‍රන් අෂ්වින් 92/3)

 

-036

 


අදහස් (0)

ඉන්දියාව ලකුණු 31 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.