Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව අසීරු අඩියක

ඉන්දියාව අසීරු අඩියක

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පර්ත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (17 වැනිදා) නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 112 ක් ලබා අසීරු තත්වයකට පත්ව සිටියේය.

ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 175 ක් පසුපසින් සිටින අතර හෙට (18 වැනිදා) තරගයේ අවසන් දිනයයි. සිවුවැනි දිනය සඳහා තරගය නතර කරන විට හනුමා විහාරි හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද, රිෂාබ් පාන්ට් ලකුණු 9 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලොකේෂ් රාහුල්ගේ කඩුල්ල බිඳ දැමීමට මිචෙල් ස්ටාක් සමත් විය. ඉන් අනතරුව ක්‍රියාත්මක වූ ක්‍රිස් ලයන් සහ ජොස් හෙසල්වුඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 98 කට කඩුලු 5 ක් ලෙස අසීරු තත්වයකට ඇද දැමූහ.

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් නායක විරාට් කෝලිට දෙවැනි ඉනිමේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබිණ. ක්‍රිස් ලයන්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හතරේ පහර 2 ක් සමග කෝලි ලබා සිටියේ ලකුණු 17 ක් පමණි. ඉන් නොනැවතුන ලයන්, ආරම්භක පිතිකරු මුරලි විජේගේ ඉනිමද ලකුණු 20 කට සීමා කළේය.

කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන්ගේ සහායද ඇතිව චෙතේෂ්වර් පුජාරා ලකුණු 4 කට දවාගත් ජෝෂ් හෙසල්වුඞ්, තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අජින්ක්‍යා රහනේ දවාගත්තේ ඉන්දීය ඉනිමේ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 43 කට සීමා කරමිනි. ට්‍රැවීස් හෙඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් ලබා සිටියේය.

තෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) තරගය නිමාවට පත්වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ අද (17 වැනිදා) දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 111 ක් එක්කර ගත්හ. එහිදී සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් උස්මාන් කවාජා, එය හතරේ පහර 5 කින් සැරසීය.
 
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නායක ටිම් පේන් (37) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද කවාජා සමත් විය. පේන්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 326
(මාකස් හැරිස් 70, ඒරන් ෆින්ච් 50, ෂෝන් මාෂ් 45, ට්‍රැවිස් හෙඞ් 58, ටිම් පේන් 38, පැට් කමින්ස් 19, ඉෂාන්ත් ෂර්මා 41/4, ජස්ප්‍රීට් බුම්රා 53/2, උමේෂ් යාදව් 78/2, හනුමා විහාරි 53/2)

ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 283
(චෙතේස්වර් පුජාරා 24, විරාට් කෝලි 123, අජින්ක්‍යා රහනේ 51, හනුමා විහාරි 20, රිෂාබ් පාන්ට් 36, නේතන් ලයන් 67/5, ජොෂ් හේසල්වුඞ් 66/2, මිචෙල් ස්ටාක් 79/2)

ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 243
(මාකස් හැරිස් 20, ඒරන් ෆින්ච් 25, උස්මාන් කවාජා 72, ට්‍රැවීස් හෙඞ් 19, ටිම් පේන් 37, ජොෂ් හෙසල්වුඞ් නොදැවී 17, මොහොමඞ් ශාමී 56/6, ජස්ප්‍රීට් බුම්රා 39/3)

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 112
(මුරලි විජේ 20, විරාට් කෝලි 17, අජින්ක්‍යා රහනේ 30, හනුමා විහාරි නොදැවී 24, ජොෂ් හෙසල්වුඞ් 24/2, නේදන් ලයන් 30/2)

- 036


අදහස් (0)

ඉන්දියාව අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.