Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කසයේ මිටට අත තබාගෙන සිටින්නේ තමන් යයි ඉඳුරාම කී ඉන්දීයානුවෝ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියහ. දිවා ආහාරයත් තේ පානයත් අතර දෙවැනි කඩුල්ල බිඳ වැටුණ නමුත් තේ පානයෙන් පසුව තරගය පැවැති පැය දෙක පුරාම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට තඩිබෑ විරාට් කෝලි සහ චෙටේස්වාර් පුජාරා, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක අඛණ්ඩ සම්බන්ධතාවක්ද ගොඩනැංවූහ.
සිය 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ පුජාරා දිනය අවසන් වන විට නොදැවී ලකුණු 68 ක් ලබා සිටි අතර විරාට් කෝලි සිය අර්ධ ශතකය පෙනෙන මායිමේ සිටී. පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවකදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පැකිලීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
කෝඩුකාර මයාන්ක් අග්‍රවාල් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 76 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියාවේදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඉන්දියානුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද එය සටහන් වේ. තේ පානයට පෙර යැවූ අවසන් පන්දුවේදී අග්‍රවාල් දැවී යන විට පන්දු 161 කට මුහුණ දී හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසා තිබුණේය. ඕස්ට්‍රේලියානු භූමියේදී මංගල ටේස්ට් තරගයට ක්‍රීඩා කළ ඉන්දියානුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 1947 දී ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ගේ කණ්ඩායමට එරෙහිව ධාතු පද්කාර් ලබාගත් ලකුණු 51 යි.
බොක්සිං දින ටෙස්ට් තරගය නැරඹීම සඳහා 73,516 ක පිරිසක් පැමිණ සිටියහ.
මේ වන විට 1-1 ක් ලෙසින් සමව පවතින බෝඩර් - ගවස්කාර් තරගාවලියේ වාසිය රඳවා ගැනීමට අවශ්‍ය ස්ථානයකට ඉන්දීය පිල පැමිණ සිටී. මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී තවමත් ගතවී ඇත්තේ එක දිනයක් පමණි. කඩුලු 8 ක් අතැතිව සිටින ඉන්දීය පිල වෙනුවෙන් දඟ පන්දු යවන්නකුද ඇතුළත්ව සිටින බැවින් පළමු ඉනිමේදී හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබාගත හොත් සිව්වැනි ඉනිමේදී ඕස්ට්‍රේලියානුවන් අමාරුවේ දැමීමේ හැකියාව ඉන්දියානුවන්ට තිබේ.
මෙල්බර්න් නුවර මේ වන විට පවතින අධික උෂ්ණත්වය නිසාත් ඕස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ පෝරණුවක මෙන් තැම්බෙමින් සිටිති.
“අපිට කඩුලු ලැබුණේ නම් නෑ තමයි. ඒත් අපි ඔවුන්ගේ ලකුණු ලබාගැනීම පාලනය කරගත්තා” යයි ඕස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඞ් පැවසීය.
තණතීරුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායකයා කෙතරම් බලාපොරොත්තු කඩවී සිටියේද යත් ඉනිමේ 8 වැනි ඕවරයේදීම දඟ පන්දු යවන නේතන් ලයන් පන්දු යැවීමට කැඳවූයේය.
මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ සම නායකයා ලෙසින් නම්කරනු ලැබ සිටියේ යයි කියන සත් හැවිරිදි ආචි ෂිලර් තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට එක්ව සිටියේය. එසේ වුවත් තරගට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරේ ආචි ෂිලර්ට ස්ථානයක් හිමිවී නොතිබිණ.
ඉන්දියාව- කඩුලු 2 ක් දැවී 215
(මයාන්ක් අග්‍රවාල් 76, චෙටේස්වර් පුජාරා නොදැවී 68, විරාට් කෝලි නොදැවී 47, පැට් කමින්ස් 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.