Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 137 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. එය ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 150 වැනි ජයග්‍රහණය ලෙසද වාර්තා අතරට එක් විය.
එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 4 කින් සමන්විත බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය. ජයග්‍රහණය සඳහා ලකුණු 399 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 261 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා සහ රවින්ද්‍ර ජදේජා කඩුලු 3 බැගින් දවාගත් අතර ඉෂාන්ත් ශර්මා සහ මොහොමඞ් සාමි කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
සිවුවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද දිනයේදී (30 වැනිදා) සිය දෙවැනි ඉනිමට එක් කරගත හැකි වූයේ තවත් ලකුණු 3 ක් පමණි.
හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 63 ක් ලබා සිටි පැට් කමින්ස්, දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ චෙතේෂ්වර් පුජාරා අතට උඩ පන්දුවක් දෙමිනි.
ඉන් පන්දු 7 කට පසුව නේදන් ලයන් දවාගත් ඉෂාන්ත් ශර්මා, ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම නිමාවට පත් කළේය. කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට ලයන් ලබා සිටියේ ලකුණු 7 ක් පමණි.
ඉන්දියාව - පළමු ඉනිම 443
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 151
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 8 කට 108
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම 261
(උස්මාන් කවාජා 33, ෂෝන් මාෂ් 44, ට්‍රවැස් හෙඞ් 34, ටිම් පේන් 26, පැට් කමින්ස් 63, මිචෙල් ස්ටාක් 18, රවින්ද්‍ර ජදේජා 82/3, ජස්ප්‍රීට් බුම්රා 53/3, ඉෂාන්ත් ශර්මා 40/2, මොහොමඞ් ශාමි 71/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.