Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

Nisanka Sandeepani - 2019 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර ඕක්ලන්ඞ්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව අද (8 වැනිදා) සමත්විය. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද ඉන්දියාව සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 158 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 50 ක් තුළ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනෙකු දැවීයාමත් සමගින් පස්වැනි කඩුල්ල සඳහා එක්වූ රොස් ටේලර් සහ කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් පන්දු 47 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් නවසීලන්ත ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් පන්දු 28 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් රොස් ටේලර් පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය.

කෘනාල් පාණ්ඩ්‍යා සිය ඕවර 4 ලකුණු 28 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර ඛලීල් අහ්මඞ් ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

පළමු කඩුල්ල සඳහා පන්දු 56 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීයාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට රෝහිත් ශර්මා සහ ශීකර් ධවාන් සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ රෝහිත් ශර්මා පන්දු 29 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දීමට සමත්විය.

සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 31 කදී ලකුණු 42 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ රිෂාබ් පාන්ට් සහ මහේන්ද්‍ර සිං දෝනී ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.

පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් රැස්කිරීමට රිෂාබ් පාන්ට් සමත්වූ අතර දෝනී පන්දු 23 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 20 ක් රැස්කිරීමට සමත්විය.

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 158
(කේන් විලියම්සන් 20, රොස් ටේලර් 42, කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් 50, කෘනාල් පාණ්ඩ්‍යා 28/3, ඛලීල් අහ්මඞ් 27/2)

ඉන්දියාව - ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 162
(රෝහිත් ශර්මා 50, ශීකර් ධවාන් 30, රිෂාබ් පාන්ට් නොදැවී 40, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 20)


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.