Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවට එරෙහිව නාග්පූර්හි විදර්භා ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 242 ක් පමණි. ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මාකස් ස්ටොයිනිස් පන්දු 65 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
නායක ඒරන් ෆින්ච් (37) සහ උස්මාන් කවාජා (38) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. පන්දු 53 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 37 කදී වාර්තා වූ කවාජාගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය. පන්දු 59 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 48 ක් ලබා සිටි පීටර් හෑන්ඞ්ස්කෝම්බ් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දැවී ගියේ දුවද්දී දැවී යෑමකට හසුවෙමිනි.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ කුල්දීප් යාදව් ලකුණු ලකුණු 54 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කළේය. විජේ ශංකර් සහ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා යාදව්ට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ 40 වැනි ශතකය ලබාගැනීමට නායක විරාට් කෝලි සමත් විය. පන්දු 120 කට මුහුණදුන් කෝලි හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කළේය.
විජේ ශංකර් (46) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කෝලි, ඉන් නොනැවතී රවින්ද්‍ර ජදේජා (21) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 41 කදී වාර්තා වූ ශංකර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස් නිලකුණු ඕවර 2 ක්ද සමගින් සිය ඕවර 9 ලකුණු 29 කට සීමා කළේ කඩුලු 4 ක් දවාගනිමිනි. ඔහුට අනගි සහයක් දුන් ඇඩම් සම්පා ලකුණු 62 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ඉන්දියාව - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 250
(ශිකර් ධවාන් 21, විරාට් කෝලි 116, අම්බටි රයිඩු 18, විජේ ශංකර් 46, රවින්ද්‍ර ජදේජා 21, පැට් කමින්ස් 29/4, ඇඩම් සම්පා 62/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 242
(ඒරන් ෆින්ච් 37, උස්මන් කවාජා 38, ෂෝන් මාෂ් 16, පීටර් හෑන්ඞ්කොම්බ් 48, මාකස් ස්ටොයිනිස් 52, ඇලෙක්ස් කේරි 22, කුල්දීප් යාදව් 54/3, විජේ ශංකර් 15/2, ජස්ප්‍රීට් බුම්රා 29/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.