Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ෆතුල්ලාහි, ඛාන් සහීබ් ඔස්මන් අලි කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැති තරගයෙන් (දිවා/රාත‍්‍රී) ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබූහ. 


ඉන්දීය පිතිකරුවෝ ලකුණු 280 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

විරාට් කෝලි සිය 19 වැනි එක්දින ශතකය ලෙස පන්දු 122 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 136 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල වෙනුවෙන් නායක මුෂ්ෆිකුර් රහීම් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 113 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 117 ක් රැස් කිරීමට සමත් විය. මෙය රහීම්ගේ දෙවැනි එක්දින ශතකයයි.

මුෂ්ෆිකුර් රහීම්ට බීමර් පන්දුවකින් තුවාල කිරීම නිසා ඉන්දීය දකුණතින් වේග පන්දු යවන වරුන් ඒරන්ගේ පන්දු යැවීම විනිසුරුවරුන් විසින් තරගය අතරතුරදී අත්හිටුවීමට පියවර ගන්නා ලදි.

වරුන් ඒරන් යැවූ ඉනිමේ 39 වැනි  ඕවරයේදී රහීම් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 16 ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව යැවුණු පස්වැනි පන්දුව මුෂ්ෆිකුර් රහීම් වෙත බීමර් පන්දුවක් ලෙස පැමිණිමත් සමග විනිසුරුවෝ ඒරන්ගේ පන්දු යැවීම අත්හිටවූහ. නායක විරාට් කෝලි එම  ඕවරයේ අවසන් පන්දුව සම්පූර්ණ කළේය.

පන්දු යැවීම අත්හිටුවන විට වරුන් ඒරන්  ඕවර 7.5 ක් යවා ලකුණු 74 ක් දෙමින් කඩුල්ලක් දවා ගෙන සිටියේය.

මුෂ්ෆිකුර් රහීම් ලකුණු 96 ක් ලබා සිටියදී කඩුලූ රකින ක‍්‍රීඩක දිනේෂ් කාර්තික් වෙත ලබා දුන් උඩ පන්දුව ගිලිහී නොයන්නට බංග්ලාදේශය ලකුණු සංඛ්‍යාව මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.       


බංග්ලාදේශ පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 279 (එනමුල් හක් 77, මොමිනුල් හක් 23, මුෂ්ෆිකුර් රහීම් 117, ශියයුර් රහමන් 18, මොහොමඞ් ශමී 50/4)
 
ඉන්දීය පිල  ඕවර 49 කදී කඩුලූ 4 ට 280
(රෝහිත් ශර්මා 21, ශීකර් දාවන් 28, විරාට් කෝලි 136, අජින්කයා රහනේ 73)


- 048

 

 

 


අදහස් (0)

ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.