Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන තරගාවලිය ආරම්භ කරමින් මීර්පූර්හිදී අද (21) පැවැති තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දීය පිතිකරුවෝ ලකුණු 131 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
විරාට් කෝලි (නොදැවී 36) සහ සුරේෂ් රයිනා (නොදැවී 35) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පසු කළහ.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් උමාර් අක්මාල් පන්දු 30 කදී ලකුණු 33 ක් රැස් කළේය.
ඉන්දීය පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානු පිලට ආරාධනා කළේය. අංක 1 කාණ්ඩයේ නවසීලන්තය සහ එංගලන්තය අතර තරගය හෙට (22) දෙවැනි තරගය ලෙස පැවැත්වේ.
පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 7 ට 130 (අහ්මඞ් ශෙෂාඞ් 22, මොහොමඞ් හෆීෂ් 15, උමාර් අක්මාල් 33, සොයිබ් මලික් 18, සොයිබ් මක්ෂූඞ් 21, අමිට් මිෂ්රා 22/2)
ඉන්දියාව ඕවර 18.3 කදී කඩුලූ 3 ට 131 (රෝහිත් ශර්මා 24, ශීකර් දාවන් 30, විරාට් කෝලි නොදැවී 36, සුරේෂ් රයිනා නොදැවී 35)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.