Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංචිහිදී අද (16) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබූ ඉන්දීය පිල 5-0 ක් ලෙස වාර්තාගත තරගාවලි ජයක් ලැබීමට සමත් විය.
ඉන්දීය පිතිකරුවෝ ලකුණු 287 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 48.4 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළහ. 26 හැවිරිදි විරාට් කෝලි සිය 21 වැනි එක්දින ශතකය ලෙස නොදැවී ලකුණු 139 ක් රැස්කරමින් ජයග‍්‍රහණය දක්වා මෙහෙයවීය.
අජන්ත මෙන්ඩිස් ඉනිමේ 44 වැනි ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලදී ස්ටුවට් බිනි සහ රවිචන්ද්‍රකුමාර් අෂ්වින් දවා ගනිමින් ලකුණු 231 කට කඩුලූ 7 ක් බවට පත් කළ ද විරාට් කෝලිගේ ප‍්‍රහාරය හමුවේ පසු බැසීමට සිදුවිය.
නායක විරාට් කෝලි සහ අම්බාටි රයිදු (59) තෙවැනි කඩුල්ලට ලකුණු 136 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ශක්තිමත් තත්ත්වයකට රැගෙන ආහ.
ඇන්ජලෝ මැතිව්ස් ක‍්‍රියාත්මක වෙමින් ආරම්භක පිතිකරුවන් වූ අජන්ක්‍යා රහනේ (2) සහ රෝහිත් ශර්මා (9) පිළිවෙළින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දවා ගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් දියත් කරමින් ඉන්දීය පන්දු යවන්නන්ට පන්දුව ඉහළින් හතරේ සීමාව පසු කිරීමේදී ඇති වන වේදනාවේ අත්දැකීම ලබා දුන්නේය. මැතිව්ස්ගේ ප‍්‍රහාරයත් සමග අවසන් ඕවර පහේදී ලකුණු 73 ක් එකතු විය.
මැතිව්ස් පන්දු 116 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 139 ක් රැස් කරමින් සිය පළමු එක්දින ශතකය වාර්තා කාළේය. මැතිව්ස් ලකුණු 50 යේ සිට 100 දක්වා යෑමට පන්දු 26 ක් පමණක් වැය කළ අතර එහිදී හතරේ පහර දෙකක් සහ හයේ පහර 4 ක් වාර්තා විය.
මැතිව්ස් මෙම තරගයට පෙර තරග 137 කදී අර්ධ ශතක 24 ක් රැස්කර සිටියේය.
ලකුණු 85 කට කඩුලූ 4 ක් බිද වැටී තිබියදී ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න (52) පස්වැනි කඩුල්ලට ලකුණු 128 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
රවිචන්ද්‍රකුමාර් අෂ්වින් යැවූ අසාමාන්‍ය ලෙස කඩුල්ල තුළට පැමිණි පන්දුවට මහේල කට් පහරක් ගැසීමට සූදානම් වූ අවස්ථාවේදී පිත්තේ වැදුණු පන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි අජන්ක්‍යා රහනේ උඩ පන්දුවක් ලෙස රැකගැනීමත් සමග ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුගේ ඉනිම ලකුණු 32 කට සීමා විය.
ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගයට 21 හැවිරිදි කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කැදවා තිබේ. දක්‍ෂ පිතිකරුවකු ද වන දික්වැල්ල ශ්‍රී ලංකාවේ 161 වැනි එක්දින ක‍්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය.
මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ආදි ශිෂ්‍යයකු වන දික්වැල්ල ටෙස්ට් තරග තුනකට ක‍්‍රීඩා කර තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.