Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී අද (10) ආරම්භ වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අත්හිටු වන විට ඉන්දීය පිල කිසිවකු නොදැවී ලකුණු 239 ක් රැස්කර සිටියේය.
දිනය අවසන් වන විට ආරම්භක පිතිකරුවන් වන මුරලි විජේ (නොදැවී 89) සහ ශීකර් දාවන් (නොදැවී 150) පන්දුවට පහර දෙමින් සිටියහ.
ශීකර් දාවන් පන්දු 158 කදී හතරේ පහර 21 ක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැස් කිරීමට සමත්ව සිටියි. දිවා විවේකයට පෙර වර්ෂාව ඇද හැලීම නිසා පළමු දිනයේ යැවිය හැකි වූයේ ඕවර 56 ක් පමණි. ඉන්දීය නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 56 කදී කිසිවකු නොදැවී 239
(මුරලි විජේ නොදැවී 89, ශීකර් දාවන් නොදැවී 150)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.