Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාවට ලකුණු 16 ක ජයක්

ඉන්දියාවට ලකුණු 16 ක ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙහෙයවන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය කාන්තා පිල අතර ඩාබිහිදී ඊයේ (05) පැවැති තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 16 ක ජයක් ලැබීමට සමත් වූහ.  ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග හතරම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් ඉදිරියෙන් සිටියි. 

ශ්‍රී ලංකා පිල මෙම පරාජයත් සමඟ සහභාගි වූ තරග හතරම පරාජයට පත්ව සිටියි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 216 ක් පමණි. 

ඩිලානි මනෝදර, ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් පන්දු 75 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 61 ක් රැස්කිරීමට සමත් වූවාය. මෙය මනෝදරගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. 

ශෂිකලා සිරිවර්ධන (37) සහ ඩිලානි මනෝදර (61) සිවුවැනි කඩුල්ලට පන්දු 93 කින් ලකුණු 60 සම්බන්ධතාවක් පැවැත්වුවද එහි වේගය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.  

ආරම්භක පිතිකාරී නිපුනි හංසිකා පන්දු 66 කින් ලකුණු 29 ක් රැස්කරමින් තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූවාය. 

ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිකාරිය වන චමරි අතපත්තු පන්දු 42 කින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියාය. ඉන්දීය පිලේ තෙවැනි කඩුල්ලට දීප්ටි ශර්මා (78) සහ මිතාලි රාජ් (53) ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ. 

දීප්ති ශර්මා පන්දු 110 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 78 රැස් කළාය. නායිකා මිතාලි රාජ් පන්දු 78 කින් ලකුණු 53 ක් රැස්කළ අතර එයට හතරේ පහර 4 ක් ඇතුළත් විය. 

දකුණතින් මද වේග පන්දු යවන ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගනිමින් සාර්ථක පන්දු යවන්නිය බවට පත්වූවාය. 

පිට දඟ පන්දු යවන ශෂිකලා සිරිවර්ධන ඕවර 10 නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 24 කට අවසන් කිරීමට සමත් වූවාය. 

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් මෙම තරගයේදී ස්ථානය අහිමිවූවාය. 

ශ්‍රී ලංකා පිල සහභාගි වන පස්වැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඩාබිහිදී මේ මස 9 වැනිදා පැවැත්වීමට නියමිතය. 

ලකුණු පුවරුව

ඉන්දීය කාන්තා පිල
පුනාම් රවුට් - ඇ. අතපත්තු ප. ශ්‍රීපාලි 16
ස්ම්රිටි මන්දානා - ඇ. ශෂිකලා ප. චන්දිමා 8
දීප්ති ශර්මා - ඇ. ඉනෝකා ප. කාංචනා 78
මිතාලි රාජ් - ක. මූ. කළා ප. ඉනෝකා  53
ජුලාන් ගොස්වාමි - ඇ. අතපත්තු ප. ඉනෝකා 9
හර්මන්ප්‍රීට් කවුර් - ඇ. ඕෂදී ප. ශ්‍රීපාලි 20
විඩා ක්‍රිෂ්ණමූර්ති - ඇ. චන්දිමා ප. ශ්‍රීපාලි 29
සුෂ්මා වර්මා - නොදැවී 11
මන්සි ජෝෂි - දුවද්දීදැවී ගියා 2
එක්ටා බිෂ්ට් - නොදැවී 0
අතිරේක 6
එකතුව ඕවර 50 යේදී කඩුලු 8 ක් දැවී 232
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
පුනාම් යාදේව්  
කඩුලු වැටීම:
1-21(මන්දානා), 2-38(රවුට්), 3-156(රවුට්), 4-169(ගොස්වාමි),
 5-169(රාජ්), 6-219(කායුර්), 7-219(ක්‍රිෂ්ණමූර්ති), 8-230(ජෝෂි)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 9-2-28-3, චන්දිමා ගුණරත්න: 10-1-52-1,
ශෂිකලා සිරිවර්ධන: 10-1-24-0, ඉනෝකා රණවීර: 10-0-55-2,
ඕෂදී රණසිංහ: 3-0-22-0, අමා කාංචනා: 8-0-50-1
ශ්‍රී ලංකා කාන්තා පිල
නිපුනි හංසිකා - ස්ටම්ප් වර්මා ප. පුනාම් යාදේව් 29
හසිනි පෙරේරා - ඇ. මන්දානා ප. ගොස්වාමි 10
චමරි අතපත්තු - ප. පුනාම් යාදේව් 25
ශෂිකලා සිරිවර්ධන - ඇ. ක්‍රිෂ්ණමූර්ති ප. ගොස්වාමි 37
ඩිලානි මනෝදර - ස්ටම්ප් වර්මා ප. ශර්මා 61
අමා කාංචනා - දුවද්දී දැවී ගියා 7
ශ්‍රීපාලි වීරක්කොඩි - ඇ. ක්‍රිෂ්ණමූර්ති ප. බිෂ්ට් 12
ප්‍රසාදිනී වීරක්කොඩි - නොදැවී 21
ඕෂදී රණසිංහ - නොදැවී 9
අතිරේක 5
එකතුව ඕවර 50 යේදී කඩුලු 7 ක් දැවී  216
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
චන්දිමා ගුණරත්න, ඉනෝකා රණවීර  
කඩුලු වැටීම:
1-19(හංසිකා), 2-57(අතපත්තු), 3-70(හංසිකා), 4-130(ශෂිකලා),
 5-143(කාංචනා), 6-171(ශ්‍රීපාලි), 7-191(මනෝදර)
පන්දු යැවීම:
ජූලාන් ගොස්වාමි: 8-2-26-2, මන්සි ජෝෂි: 5-0-36-0, දීප්ටි ශර්මා: 10-3-46-1,
එක්ටා බිෂ්ට්: 10-0-48-1, හර්මන්ප්‍රීට් කායුර්: 7-0-33-0, පුනාම් යාදේව්: 10-1-23-2 


ඡායාරූප - රොයිටර් අනුග්‍රහයෙනි

- 048


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 16 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.