Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පුනේහි මහරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කරගත් ඉන්දීය ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු 24 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දිනේෂ් කාර්තික් පන්දු 92 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 64 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 18 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ආරම්භක පිතිකරු ශිකරු ධවාන් පන්දු 84 කදී ලකුණු 68 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ අතර ඔහුගේ 22 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.
නායක විරාට් කෝලි (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධවාන්, ඉන් නොනැවතී දිනේෂ් කාර්තික් (නොදැවී 64) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 230 ක් ලබා ගත්තේය.
මුලු ලකුණු සංඛ්‍යාව 58 ක් වන විට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ නවසීලන්ත ඉනිමට ජවයක් එක් කළ ටොම් ලේතම් (38) සහ හෙන්රි නිකලස් (42) 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 62 කදී වාර්තා වූ ලේතම්ගේ ඉනිමට හතරේ පහර 2 ක්ද, පන්දු 62 කදී වාර්තා වූ නිකලස්ගේ ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.
අක්සර් පටේල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලේතම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටුණ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 40 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
අවසන් ඕවර කිහිපයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක් රැස්කළ මිචෙල් සෑන්ට්නර් නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ටිම් සවුති පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කළේය.
වේලාසනින්ම නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 45 කට කඩුලු 3 ක් දවාගත් අතර ජස්ප්‍රීත් බුම්රා සහ යුස්වින්දර් චාහල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 29 වැනිදා කාන්පූර්හි ගීන් පාර්ක් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 230
(රොස් ටේලර් 21, ටොම් ලේතම් 38, හෙන්රි නිකලස් 42, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 41, මිචෙල් සෑන්ට්නර් 29, ටිම් සවුති නොදැවී 25, බුවනේෂ්වර් කුමාර් 45/3, යුස්වින්දර් චාහල් 36/2, ජස්ප්‍රීත් බුම්රා 38/2)
ඉන්දියාව - ඕවර 46 කදී කඩුලු 4 ක් දැවී 232
(ශිකර් ධවාන් 68, විරාට් කෝලි 29, දිනේෂ් කාර්තික් නොදැවී 64, හර්දීක් පාණ්ඩ්‍යා 30, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 18)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.