Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආගමනයෙන් සවිමත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව කොල්කටාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් ලබා සිටියේය. ඉන්දීය පිල පළමු ඉනිමේදී ලකුණු 172 කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් අතැතිව ඉන්දියාවට ලකුණු 7 ක් මෑතින් සිටී.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 34 දී දැවී ගිය නමුත් ළහිරු තිරිමාන්න සමග එක්වූ හිටපු නායකයා තුන්වැනි කඩුල්ල වැටීම වළක්වාගත්තේ සාර්ථක සම්බන්ධතාවක් ගොඩනඟමිනි. එහෙත් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ස්ලිප් හි සිටි විරාට් කෝලි අතට උඩපන්දුවක් දුන් ළහිරු තිරිමාන්න දැවී යාමත් සමගින් මැතිව්ස් සමග පැවැති සම්බන්ධතාව ලකුණු 99 දී හමාර විය. පන්දු 94 කට මුහුණ දී සිටි තිරිමාන්න දැවී යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත විය. ලකුණු 27 දී දුන් උඩපන්දුව බිම දැමීමෙන් අගනා ප්‍රයෝජන ගත් ළහිරු තිරිමාන්න තේ පානය වන විට හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කර තිබිණ.
ලකුණු 27 දී දුන් උඩපන්දුව ස්ලිප්හි සිටි ෂිකාර් ධවාන් අතින් ගිළිහී යාමෙන් තිරිමාන්න ප්‍රයෝජන ගත් නමුත් එය දීරඝ ඉනිමක් කරා ගෙන යාමට ඔහු අසමත් වූයේය.
තිරිමාන්න දැවී යාමෙන් ඕවර 2.3 කට පසුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ එතෙක් වේලා රඳවාගෙන තිබූ තරගයේ වාසිය ඉන්දියානුවන් අත පත්කරමිනි. පාදයේ ආබාධයක් නිසා පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය අහිමි කරගත් මැතිව්ස් සිය පුනරාගමනයේ පළමු ඉනිමේදීම අගනා ලකුණු 52 ක් ලබාගත් නමුත් කණ්ඩායමට ඔහුගේ සේවය අත්‍යවශ්‍ය මොහොතේදී දැවී ගියේය.
එතැන් සිට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල මුලු ලකුණු සංඛ්‍යාව 165 දක්වා ඉහළ නැංවූහ.
පාකිස්තානු පිලට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි. ලකුණු 7 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගිය ක්‍රීඩකයකු බවට නම්කළ නමුත් විනිසුරු තීරණ විමසීමේ පිහිටෙන් සිය කඩුල්ල බේරාගත් දිමුත් කරුණාරත්නට එතැන් සිට ලබාගත හැකිවූයේ තවත් එකම ලකුණක් පමණි.
මේ වන විට මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින දිමුත් කරුණාරත්නට (948) ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ඩීන් එල්ගා (1097) පමණි.
පිතිකරුවන් පිළිබඳ සියලු බලාපොරොත්තු සුන්ව ගොස් තිබියදී පන්දු 22 කින් ලකුණු 24 ක් ලබාගත් මොහොමඞ් ෂාමිගේ හිතුවක්කාර පිතිහරඹය නිසා සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 172 ක් ලබාගැනීමට ඉන්දීය පිලට හැකිවිය. දිවා ආහාරයට මඳ වේලාවකට පෙර ඉන්දීය පිලේ අවසන් කඩුල්ල බිඳ වැටිණ.
ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ චෙටේස්වාර් පුජාරා ලකුණු 52 ක් ලබාගත්තේය.
ඉනිමේ දෙවැනි පන්දුවේදීම පිටියට පිටියට පිවිසි පුජාරා එක් අන්තයකට වී තමන්ගේ කඩුල්ල රැකගනිමින් පන්දු 117 කට මුහුණ දුන්නේ සෙසු පිතිකරුවන්ගෙන් සහයෝගයක් ලැබේවි යයි අපේක්‍ෂාවෙනි. එහෙත් ඉන්දීය පිතිකරුවන්ට හුස්ම ගන්නට ඉඩක් නොතැබූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වරින් වර කඩුලු දවාගත් හෙයින් සම්බන්ධතා ගොඩනැංවීමට කාලයක් නොවීය. ඒ අතරවාරයේදී පුජාරාගේ පිත්තේ වැදුණු පන්දුව 10 වතාවක්ම හතරේ සීමාව පසුකර ගොස් තිබිණ.
9 වැනි කඩුල්ලත් ලකුණු 146 දී බිඳ වැටීමෙන් පසුව තවදුරටත් ආරක්‍ෂාකාරී වීමේ තේරුමක් නැතැයි වටහාගත් මොහොමඞ් ෂාමි රිසි සේ පිත්ත වනමින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 24 ක් එක්කළේ පන්දුව ස්ලිප් ක්‍රීඩකයන්ගේ හිසට ඉහළින් දෙවතාවක්ම හතරේ සීමාවට යවමිනි. එහෙත් අවසානයේදී ගැසූ පුල් පහර වැරදී ගියෙන් හතරේ සීමාව අසළ සිටි දසුන් ශානක උඩපන්දුවක් රැකගැනීම නිසා ෂාමිගේ ඉනිම නිමා විය.
ෂාමිගේ දඩබ්බර පිතිහරඹය නිසා ඉන්දීය පිලේ ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලාංකිකයන් අපේක්‍ෂා කළාට මඳක් වැඩිවූ නමුත් සංචාරකයන් සිය ඉනිම ආරම්භ කරන්නේ තරමක වාසි සහගත තත්ත්වයක් යටතේය. එනම් මේ වනවිට අහස වළාකුළු වලින් තොරව නිල් පහැය ගෙන තිබෙන බැවිනි. එවන් තත්ත්වයක් යටතේ ආරම්භක පිතිකරුවන්ට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි නමුත් වසරක පමණ කාලයක සිට වේග පන්දු යවන්නන්ගේ පරාදීසයක් වන කොල්කටා පිටියේ ඉන්දීය පන්දු යවන්නන්ගේ ආක්‍රමණය කෙසේද යන්නත් බලා සිටීම වටී.
පළමු දිනයේ ඕවර 6 කුත් දෙවැනි දිනයේ ඕවර 5 කුත් යැවීමෙන් පසුව ක්‍රීඩාගාරයේ විවේක ගනිමින් සිටි සුරංග ලක්මාල්ට තමන්ගේ සිව්වැනි කඩුල්ල දවාගැනීම සඳහා තවත් ඕවර 46 ක් බලා සිටීමට සිදුවිය. ඒ අතරවාරයේදී ළහිරු ගමගේ සහ දසුන් ශානක සෙසු පිතිකරුවන් ගැන වගබලාගත්හ.
ලකුකූ 122 දී රිදිමන් සහා දවාගැනීමට ඉතාමත් පහසු අවස්ථාවක් ලැබුණද කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ල අතින් එම අවස්ථාව ගිළිහී ගියේය. එහෙත් පසුව ඔහු ඩිල්රුවන් පෙරේරාගේම පන්දුවක් හමුවේ දැවී ගියේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයේ උදව්වෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.