Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති තරග 6 කින් සමතන්විත වූ එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමත් සමග එතෙක් දෙවැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණ තිබේ.
ඒ අනුව එම තරගාවලිය ආරම්භ වීමට පෙර එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටි දකුණු අප්‍රිකාව එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර එංගලන්තය තෙවැනි ස්ථානයේද, නවසීලන්තය සිව්වැනි ස්ථානයේද පසුවේ.
බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් තරගාවලියේ ජය හිමිකරගත්තද, ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයයි. බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 8 ක් වැඩියෙන් ලබා ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.