Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දීය - ඕස්ට්‍රේලියා වි20 තරගය විසඳුමකින් තොරයි

ඉන්දීය - ඕස්ට්‍රේලියා වි20 තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී අද (23 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0 ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන්නේය.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132 ක් පමණි.

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයට ලක්ව සිටි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන යාමට අපොහොසත්වූහ. පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කළ බෙන් මැක්ඩොමට් ඕස්ටේ්‍රලියා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.

බුවනේෂ්වර් කුමාර් සහ ඛලීඞ් අහ්මඞ් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

වර්ෂාව නැවතීමත් සමගින් අවස්ථා කිහිපයකදී යළි තරගය ආරම්භ කිරිමට උත්සහ දැරුවද යළිත් වර්ෂාව ඇද හැලීම හේතුවෙන් නියමිත කාළය තුලදී තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිනොවීය.


ඕස්ට්‍රේලියාව - ඕවර 19 කදී කඩුලු 7 ක් දැවී 132
(බෙන් මැක්ඩොමට් නොදැවී 32, බුවනේෂ්වර් කුමාර් 20/2, ඛලීඞ් අහ්මඞ් 39/2)

 


අදහස් (0)

ඉන්දීය - ඕස්ට්‍රේලියා වි20 තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.