Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5 කින් ජය ලබති

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5 කින් ජය ලබති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 18.2 ක් අවසානයේ පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෙමිමා රොඞ්ගුවස් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළාය.

ලකුණු 57 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී නායිකා හර්මන්ප්‍රීත් කෞර් (24) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 53 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමට ජෙමිමා සමත් වූවාය. පන්දු 19 කදී වාර්තා වූ කෞර්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය බවට පත්වූ නායිකා චමරි අතපත්තු සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කළේ ජෙමිමා සහ කෞර් දෙදෙනාම පිටියෙන් ඉවත් කරමිනි. උදේෂිකා ප්‍රබෝධනි, ශෂිකලා සිරිවර්ධන සහ කවිෂා දිල්හාරි එහිදී කඩුල්ල බැගින් බිඳහෙළුහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 131 ක් ලබාගත්තේය. ශෂිකලා සිරිවර්ධන පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක්ද, නිලක්ෂි ද සිල්වා පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් චමරි අතපත්තු පන්දු 32 කදී ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. කෙසේ වුවත් පසුපෙළ පිතිකාරිණියන් එකා පිට එකා දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 150 සීමාවට ලඟ වීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්මන්ප්‍රීත් කෞර් සහ අරුන්දතී රෙඞ්ඩි කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර අංජලී පටේල් සහ රාධා යාදව් කඩුල් බැගින් දවාගත්හ.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 131
(චමරි අතපත්තු 28, ශෂිකලා සිරිවර්ධන 32, නිලක්ෂි ද සිල්වා 31, හර්මන්ප්‍රීත් කෞර් 03/2, අරුන්දතී රෙඞ්ඩි 19/2)

ඉන්දියාව - ඕවර 18.2 කදී කඩුලු 5 ක් දැවී 132  
(මිතලි රාජ් 13, ජෙමිමා රොද්‍රිගුවස් 57, හර්මන්ප්‍රීත් කෞර් 24, චමරි අතපත්තු 29/2)


- 036

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 5 කින් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.