Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීයාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 182 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. අවසන් පන්දුවේදී ලකුණක් ලබාගනිමින් මනීෂ් පාණ්ඬේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ ශිකර් ධවාන් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 92 ක් රැස්කළේය. අවසන් ඕවරයේදී ෆැබියන් ඇලන්ගේ පන්දුවක් හමුවේ කිරන් පොලාඞ් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවීගියේ ශතකය ලබාගැනීමට තිබූ අනගි අවස්ථාවක්ද අහිමිකර ගනිමිනි. එය ධවාන්ගේ ඉහළම විස්සයි20 ඉනිමද විය.
ලකුණු 45 කට කඩුලු 2 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී රිෂාබ් පාන්ට් (58) සමග එක්ව පන්දු 78 කදී ලකුණු 130 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධවාන් සමත් විය. කීමෝ පෝල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 38 කට මුහුණදී සිටි පාන්ට්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් අතුළත්ව තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 181 ක් ලබාගත්තේය. කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ශායි හෝප් (24) සහ ශිම්රන් හැට්මෙයර් (26) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ නිකලස් පූරන් පන්දු 25 කදී නොදැවී ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ඩැරන් බ්‍රවෝ (නොදැවී 43) සමග එක්ව කොදෙව් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පූරන් සමත් විය. පන්දු 37 කට මුහුණදුන් බ්‍රාවෝ හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 181
(ශායි හෝප් 24, ශිම්රන් හැට්මෙයර් 26, ඩැරන් බ්‍රාවෝ නොදැවී 43, ඩිනේෂ් රැම්ඩින් 15, නිකලස් පූරන් නොදැවී 53, යුස්වේන්ද්‍ර චාහල් 28/2)
ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 182
(ශිකර් ධවාන් 92, ලෝකේෂ් රාහුල් 17, රිෂාබ් පාන්ට් 58, කීමෝ පෝල් 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.