ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ඉනිමක ජයක් ලබති
ඉන්දීය වයස 19 න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි සහ අවසන් සිවුදින තරගයේදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඉනිමකින් සහ ලකුණු 147 කින් පරාජය කරමින් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ඊයේ (27) සමත් වූහ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමක් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේදී මෙවැනි තරගාවලියක් මේ ආකාරයට පරාජය වී නොමැත.
කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පළමු තරගය ද ඉන්දීය පිල ඉනිමකින් සහ ලකුණු 21 කින් ජය ලැබීය.
ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 297 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිලේ දෙවැනි ඉනිම ඊයේ තේ විවේකයට පැයකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී ලකුණු 150 කට සීමා විය.
ඉන්දීය වමතින් දඟ පන්දු යවන සිද්ධාර්ත් දේසායි ජයග්‍රහණය ඉක්මන් කරමින් කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.
සඳුන් මෙන්ඩිස් ඉනිම ගොඩගැනීමට උත්සාහක කළ ද ඒ වන විට ප්‍රමාද වැඩි බවක් පෙනිණු අතර සඳුන් පන්දු 51 කින් ලකුණු 26 ක් රැස්කර සිටියදී නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
නුවනිඳු ප්‍රනාන්දු අන්තයක් ආරක්‍ෂාකරගනිමින් පන්දුවට පහර දුන්න ද ආරක්‍ෂාකාරී පහරකට යෑමේදී ස්ලිප් ක්‍රීඩකයාට උඩ පන්දුවක් දී හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. නුවනිඳු පන්දු 106 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 28 ක් රැස් කළේය.
පළමු ඉනිමේදී ශතකයක් රැස්කළ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 10 ක් ලබා වමතින් දඟ පන්දු යවන සිද්ධාර්ත් දේසායිගේ පන්දුවකට ස්ලිප්හි පන්දු රකිමින් සිටි නායක අනුජ් රාවට්ට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.
ඉන්දීය පිලේ නිත්‍ය කඩුලු රකින්නා වන නායක අනුජ් රාවට් වෙතින් පෙරේදා පහසු උඩපන්දු දෙකක් ගිලිහී යෑම හේතුවෙන් ඊයේ ආර්යන් ජුයල් කඩුලු රකීමේ නිතරව සිටියේය.
ශ්‍රී ලංකා පිලේ ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස සැදෑ ආරක්‍ෂක පිතිකරු ලෙස පිතිකරු ලැයිස්තුවේ උසස්වීම් ලැබූ කල්හාර සමින්ද (03) දැවී ගියේය.
ශ්‍රී ලංකා පිල තෙවැනි දිනය වූ පෙරේදා (26) ක්‍රීඩාව අත්හිටුවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 47 ක් රැස්කර ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 250 ක් පිටු පසින් සිටියේය.
දෙපිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලකුණු පුවරුව
ඉන්දීය වයස 19 න් පහළ පිල පළමු ඉනිම ඕවර 128.5 කදී කඩුලු 8 ක් දැවී 613
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම ඕවර 114.3 කදී සියලු දෙනා දැවී 316
(කමිල් මිෂාර 44, පසිඳු සූරියබණ්ඩාර 115, සොනාල් දිනූෂ 51, සඳුන් මෙන්ඩිස් 49, මෝහිත් ජන්ග්‍රා 76/4)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල දෙවැනි ඉනිම
කමිල් මිෂාර - ක. මූ. කළා ප. තෙන්ඩුල්කාර් 5
නිෂාන් මධුෂ්ක - ඇ. රාවට් ප. බදෝනි 25
නිපුන් ධජනංජය - ප. මැග්වානි 8
නුවනිඳු ප්‍රනාන්දු - ඇ. රාවට් ප. දේසායි 28
කල්හාර සමින්ද - ඇ. ජුයල් ප. මැග්වානි 3
පසිඳු සූරියබණ්ඩාර - ඇ. රාවට් ප. දේසායි 10
සොනාල් දිනූෂ - ඇ. ටයිඬේ ප. දේසායි 11
සඳුන් මෙන්ඩිස් - ඇ. ජුයල් ප. ජන්ග්‍රා 26
නිපුන් මාලිංග - ඇ. රාවට් ප. දේසායි 0
විජයකාන්ත් වියස්කාන්ත් - ක. මූ. කළා ප. බදෝනි 16
කලන පෙරේරා - නොදැවී 5
අතිරේක 13
එකතුව ඕවර 62.2 කදී සියලු දෙනා දැවී 150
කඩුලු වැටීම:
1-11(මිෂාර), 2-21(ධනංජය), 3-46(මධුෂ්ක), 4-55(කල්හාර), 5-76(පසිඳු), 6-99(නුවනිඳු), 7-106(සොනාල්), 8-114(මාලිංග), 9-138(සඳුන්), 10-150(විජයකාන්ත්)
පන්දු යැවීම:
මෝහිත් ජන්ග්‍රා: 11-4-33-1, අර්ජුන් තෙන්ඩුල්කාර්: 9-0-39-1, යාටින් මැග්වානි: 9-4-9-2, සිද්ධාර්ත් දේසායි: 20-6-40-4, අයාෂ් බදෝනි: 10.2-2-17-2, අතර්වා ටයිඬේ: 3-1-6-0