Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්ත ක්‍රීඩිකාවන්ට කඩුලු 8 ක ජයක්

එංගලන්ත ක්‍රීඩිකාවන්ට කඩුලු 8 ක ජයක්

Nisanka Sandeepani - 2019 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කාන්තා පිල සහ ශ්‍රී ලංකා කාන්තා පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති දෙවැනි තරගයෙන් ද එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු අටක පහසු ජයක් ලැබූහ.
 
එංගලන්ත කාන්තා පිල මෙම ජයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය හිමිකරගත්තේය. 
 
එංගලන්ත පිතිකාරියෝ ලකුණු 109 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 13.5 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. එංගලන්ත ආරම්භක පිතිකාරියන් වූ ඩනල්ලි වයට් (37) සහ අමි ජෝන්ස් (36) පන්දු 45 කින් ලකුණු 79 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. 
 
ඩනල්ලි වයට් පන්දු 25 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් ද, ඇමි ජෝන්ස් පන්දු 24 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 36 ක් ද, රැස්කළහ. ශෂිකලා සිරිවර්ධන එකම සාර්ථක පන්දු යවන්නිය බවට පත්වෙමින් ලකුණු 26 කට කඩුලු දෙකක් දවාගත්තාය. 
 
ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු පන්දු 30 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 24 ක් රැස්කළාය. 
 
දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී බ්‍රහස්පතින්දා (28) පැවැත්වේ. 
 
ලකුණු පුවරුව
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල
චමරි අතපත්තු - ප. සීවර් 24
ඉමල්කා මෙන්ඩිස් - ප. නයිට් 15
ශෂිකලා සිරිවර්ධන - ක. මූ. කළා ප. ඩුන්ක්ලි 15
හර්ෂිතා මාධවී - ප. බන්ට් 8
හංසිමා කරුණාරත්න - ප. මාෂ් 10
ඕෂදී රණසිංහ - ඇ. සීවර් ප. බන්ට් 7
නිලක්‍ෂි ද සිල්වා - නොදැවී 4
උමේෂා තිමාෂිනි - නොදැවී 4
අතිරේක 21
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 108
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ඉනෝෂි ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, ඩිලානි මනෝදර
කඩුලු වැටීම:
1-45(අතපත්තු), 2-65(ශෂිකලා), 3-65(ඉමල්කා), 4-83(මාධවී), 5-85(හංසිමා), 6-98(ඕෂදී)
පන්දු යැවීම:
ලින්සෙයි ස්මිත්: 2-0-19-0, ෆරියා ඬේවිස්: 4-0-15-0, කැතරින් බන්ට්: 4-0-31-2, ලයුරා මාෂ්: 4-0-16-1, නටාලි සීවර්: 2-0-10-1, සොෆියා ඩුන්ක්ලි: 2-0-6-0, හීතර් නයිට්: 2-0-8-1
 
එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල
ඩනල්ලි වයට් - ස්ටම්ප් මනෝදර ප. ශෂිකලා 37
අමි ජෝන්ස් - ඇ. ඕෂදී ප. ශෂිකලා  36
තම්මි බියුමන්ට් - නොදැවී 16
නටාලි සීවර් - නොදැවී 10
අතිරේක 10
එකතුව ඕවර 13.5 කදී කඩුලු 2 ක් දැවී 109
කඩුලු වැටීම:
1-79(වයට්), 2-90(ජෝන්ස්)
පන්දු යැවීම:
ඉනෝෂි ප්‍රනාන්දු: 1.5-0-16-0, චමරි අතපත්තු: 3-0-23-0, ඕෂදී රණසිංහ: 2-0-21-0, ඉනෝකා රණවීර: 4-0-22-0, ශෂිකලා සිවර්ධන: 4-0-26-2
 
- 048

අදහස් (0)

එංගලන්ත ක්‍රීඩිකාවන්ට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.