Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග මාලාවේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (16) පැවැති තරගයෙන් එංගලන්ත ක්‍රීඩිකාවෝ ලකුණු 154 ක (ඩක්වත් ලුවිස් න්‍යායට) දැවැන්ත ජයක් ලැබූහ. එංගලන්ත පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 314 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 40 අවසානයේ කඩුලු අටක් දැවී රැස්කළ හැකි වුයේ ලකුණු 159 ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ 35 වැනි ඕවරයේදී වාර්ෂාව ඇද හැළීම නිසා පැයක පමණ කාලයක් තරගය අත්හිටුවා තිබීමෙන් ශ්‍රී ලංකා පිලට ඕවර 40 කදී ලකුණු 314 ක ඉලක්කයක් කරා යාමට සිදුවිය.
ලකුණු 46 කට කඩුලු හතක් දැවී තිබියදී නිලක්ෂි ද සිල්වා සහ ඕෂදී රණසිංහ අටවැනි කඩුල්ල ගොඩනැගූ ලකුණු 88 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිලට ලකුණු 159 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. ඕෂදී රණසිංහ අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72 කදී හතරේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 51 රැස් කිරීමට සමත් වූවාය.
නිලක්ෂි ද සිල්වා පන්දු 78 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 45 ක් රැස්කළාය.
ශ්‍රී ලංකා පිලේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල වෙනුවෙන් නතාලි ෂීවර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 73 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 93 ක් රැස්කිරීමට සමත් වූවාය. ඇමී ජෝන්ස් (79) සහ නායිකා හෙදර් නයිට් (61) අර්ධ ශතක රැස්කිරීමෙන් එංගලන්ත පිල ශක්තිමත් විය.
ඩැනියෙල් වයිට් අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 26 කින් රැස්කළ ලකුණු 47 නිසා ලකුණු 331 ක් දක්වා ඒමට එංගලන්ත පිලට අවස්ථාව උදාවිය. වයිට්ගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
එංගලන්ත ආරම්භක පිතිකාරියන් වූ ඇමී ජෝන්ස් (79) සහ ටැමී බියුමන්ට් (35) ලකුණු 114 ක සම්බන්ධතාවක් පැවැත්වීමෙන් ආරම්භයේදීම ශ්‍රී ලංකාවෙන් තරගයේ ග්‍රහණය ගිලිහුණි. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඕෂදී රණසිංහ පමණක් යම් තරමකට හෝ සාර්ථක වෙමින් ලකුණු 71 කට කඩුලු දෙකක් දවා ගත්තාය.
දෙරට අතර දෙවැනි තරගය ලබන සඳුදා (18) සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඡායාරූප : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.