Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය 5-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

එංගලන්තය 5-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හි ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියෙන් 5-0 ක පූර්ණ ජයක් අත්කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිරත වූ ජොස් බට්ලර්, පන්දු 122 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 110 ක් රැස්කරමින් එංගලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

මුල් පෙළ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එංගලන්ත ඉනිමේ දහවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ආදිල් රෂීඞ් (20) සමග එක්ව නමවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බට්ලර්, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බිලී ස්ටැලන්කේ සහ කේන් රිචඞ්සන් එහිදී කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුවද, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මුයින් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රැස්කරගත හැකි වූයේ ලකුණු 205 ක් පමණි. එහිදී සිය හොඳම එක්දින පන්දු යැවීම ප්‍රදර්ශනය කළ මුයින් අලී ලකුණු 46 කට කඩුලු 4 ක් බිඳහෙළීය. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ සෑම් කරන් කඩුලු 2 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 44 ක් ලබා දෙමිනි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත් වූ ට්‍රැවිස් හෙඞ් පන්දු 49 කදී ලකුණු 56 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. ඇලෙක්ස් කේරි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද, ඩි’ආසි ෂෝට් හතරේ පහර 4 ක් සමග ලකුණු 47 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී 205
(ඒරන් ෆින්ච් 22, ට්‍රැවිස් හෙඞ් 56, ඇලෙක්ස් කේරි 44, ඩි’ආසි ෂෝට් 47, මුයින් අලී 46/4, සෑම් කරන් 44/2)


එංගලන්තය - ඕවර 48.4 කදී කඩුලු 9 ක් දැවී 206
(ඇලෙක්ස් හේල්ස් 20, ජොස් බට්ලර් නොදැවී 110, ආදිල් රෂීඞ් 20, බිලී ස්ටැලන්කේ 35/3, කේන් රිචඞ්සන් 51/3, මාකස් ස්ටොයිනිස් 37/2)


- 036

 


අදහස් (0)

එංගලන්තය 5-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.