Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner එංගලන්තය තරගාවලිය සමකරයි

එංගලන්තය තරගාවලිය සමකරයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ටෙස්ට් තරගයේදී ඛේදජනක පරාජයක් ලැබූ නමුත් හෙඩිංග්ලිහිදී පැවති දෙවැනි තරගයේදී ඒ සියලු අඩුපාඩුකම් මකාහළ එංගලන්ත ක්‍රීඩකයෝ පාකිස්තානු පිල පරදවා ඉනිමක සහ ලකුණු 55 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම ජයග්‍රහණයත් සමගින් 1-1 ක් ලෙසින් තරගාවලිය සම කරගත් එංගලන්ත කණ්ඩායම පිට පිටම අත්විය හැකිව තිබූ තුන්වැනි තරගාවලි පරාජයෙන් ගැලවුණේය. 

මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම එංගලන්තය ලබාගත් පළමු වැනි ටෙස්ට් ජයයි. 

ලෝඞ්ස්හිදී පැවැති පළමු තරගයේදී එංගලන්තය අත්කරගත් කඩුලු 9 ක පරාජයෙන් පසුව බොහෝ දෙනාගේ උපකල්පනය වූයේ මෙම තරගාවලියේදීත් එංගලන්තයට දරුණු පරාජයක් අත්වනු ඇති බවයි. එහෙත් දින දෙක හමාරක් වැනි සුළු කාලයකදී පාකිස්තානු පිල සහමුළින්ම අසරණ කර දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

දෙවැනි දිනය නිමා වන විටත් පාකිස්තානයට වඩා ලකුණු 128 ක් ඉදිරියෙන් සිටි එංගලන්ත පිල තුන්වැනි දින පෙරවරුවේදී සිය වාසිය තවත් වැඩිකරගත්තේය. එංගලන්ත පිල සිය මුල් ඉනිම අවසන් කළේ ලකුණු 189 ක වාසියක්  සමගිනි. 

පාකිස්තානු පිතිකරු හමුදාවේ තරමට එය ඒ හැටි කාරණාවක් නොවුණත්‘ පාකිස්තානුවන් කෙරේ කිසිදා බලාපොරාත්තු තැබිය නොහැකිය’ යන්න නැවත වරක් සැබෑවක් කරමින් පාකිස්තානු දෙවැනි ඉනිම ලකුණු 134 කට සීමා වෙද්දී ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ඩොමිනික් බෙස් දෙදෙනා අතර කඩුලු 6 ක් බෙදී ගියේය. එහෙත් පාකිස්තානු විනාශය ආරම්භ කළේ දෙවැනි ඉනිමේ සිවුවැනි ඕවරය නිමාවීමටත් පෙර අසාර් අලි සහ හැරිස් සොහේල් පිටියෙන් ඉවත් කළ ජේම්ස් ඇන්ඩසන්ය. 

තරගයෙන් පසුව එංගලන්ත නායක ජෝ රූට් කියා සිටියේ පළමු තරගයේ පරාජයෙන් පසුව තමන්ගේ තරම පෙන්වීමට ක්‍රීඩකයන් කිහිප දෙනකුටම ඕනෑකර තිබූ බවයි. 

වසර දෙකකට පසුව නැවතත් එංගලන්ත පිලට කැඳවන ලද ජොස් බට්ලර් අගනා ලකුණු 80 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය. 

පාකිස්තානය - පළමු ඉනිම 174 යි
එංගලන්තය  - පළමු ඉනිම 363 යි

(ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනිංග්ස් 29, ජෝ රූට් 45, ඩොමිනික් බෙස් 49, ඬේවිඞ් මාලන් 28, ජොනී බෙයාර්ස්ටෝ 21, ජොස් බට්ලර් නොදැවී 80, ක්‍රිස් වෝක්ස් 17, සෑම් කරන් 20, මොහොමඞ් අමීර් 72/2, මොහොමඞ් අබ්බාස් 78/2, හසන් අලි 82/2, ෆාහීම් අශ්රෆ් 60/3)

පාකිස්තානය - දෙවැනි ඉනිම 134 යි
(අසාර් අලි 11, ඉමාම් උල් හක් 34, උස්මන් සලාවුද්දීන් 33, ජේම්ස් ඇන්ඩසන් 35/2, ස්ටුවර්ට් බ්‍රෝඞ් 28/3, ඩොමිනික් බෙස් 33/3)


අදහස් (0)

එංගලන්තය තරගාවලිය සමකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.